Chrome sinhala meaning, පහසුවෙන් ඉන්ග්ලිෂ් ඉගෙනගන්න Chrome එකටත් Dictionary එකක්

Chrome sinhala meaning, පහසුවෙන් ඉන්ග්ලිෂ්  ඉගෙනගන්න Chrome එකටත් Dictionary එකක්

හුග කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ  ආවෙ. හුග කාලයක් ගොඩක් busy වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න වෙලාවක් හොයාගන්න ගොඩක් අමාරුය් බ්ලොග් එකේ කරන්න හිටපු ගොඩක් දේවල් මගහැරිලා ගියා ඉතින් ඉස්සරහට software sinhalen 4u එක්ක කරන්න දේවල් ටිකක් plan කරගෙන යනව දිගටම software sinhalen 4u එක්ක රැදීල ඉන්න කියල මගේ යාලුවන්ට කියනව.
      අද මන් ඔයාලට අරගෙන ආවෙ ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න ආස අයට වගේම ඉන්ග්ලිෂ් දන්න නොදන්න ඕනම කෙනෙකුට වැදගත් වන App එකක්. සමහරු නම් මේක ගැන දන්නවත් ඇති නොදන්න අය පිරිසක් ඇතිනේ ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙය්  කියල මන් හිතනව. 

                       සාමාන්‍යයෙන් අපි ඉන්ටනෙට් එකේ Search කරන වෙලාවක අහුවෙන ඉංග්‍රීසි වචනෙක තේරුම දන්නේ නැත්නම් එක හොයාගන්න Dictionary එකක් භාවිතා කරනව මදුර හරි මලලසේකර හරි වගේ Dictionary එකක් පාවිච්චි කරලා තමය් අපි එකෙ තේරුම හොයාගන්නෙ නමුත් ඒක ටිකක් වෙලා යන වැඩක් මදුර එකේ නම් සමහර වචන වල තේරුම දෙන්නෙත් නෑ මලලසේකරේ හොයන එක කොහොමත් කාලෙ  කන වැඩක්නෙ සමහරු නම් කම්මැලිකමට වැඩේ අල්ලල  දාන අවස්ථාත් තියෙනව ඉතින් මේකට විසදුමක් කල්පනා කරපු අපේ ලංකාවේ කොල්ලෙක් හැදුව Google Chrome එකට Add On එකක් ඉංග්‍රීසි වචනයක් උඩට Mouse Pointer එක ගෙනියපුවහම ඒ ඉංගිසි වචනෙ තේරුම් ටික ලස්සනට උඩින් සිංහලෙන් පෙන්නනව ඉතින් ඉන්ග්ලිෂ් ආර්ටිකල් එකක් කියවන්න හරි ඔයා කරන මොන වැඩේදී උනත් ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් මේ Add On එක. ඕයා Use කරන්නේ Google Chrome නම් මේ ලින්ක් එකෙන් ( 1.07 MB ) ගිහින් නොමිලේම Add On එක Download කරගන්න.





            ඔයා තවමත් Google Chrome Install කරගෙන නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න 


ඉතින් අදට මෙච්චරය් අලුත් පෝස්ට්  එකකින් අලුත් දෙයක් එක්ක ඉක්මනින්ම ඔයාලව හම්බවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්...

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments