Learning English in sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01

Learning English in sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01 



ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. ඇත්තටම මේක ප්‍රශ්නයක් වෙන්න හේතු වෙන්න ඇත්තේ පොඩි කාලේ ඉදන්ම ඉංග්‍රීසි භාෂාව හරියට ඔලුවට වැටුනේ නැති නිසා වෙන්න ඇති. මම දැක්ක ගොඩක් සිංහල වෙබ් සයිට් වල ඉංග්‍රීසි භාෂාව උගන්වන පාඩම් මාලා දාල තියනව. එත් ඒ කිසිම එකක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න කියලවත් උනන්දු කරලා නෑ. ඉතින් Software Sinhalen 4u අපි හිතුව ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න හරි ක්‍රමයක් ඔයාලට කියල දෙන්න. පාඩමෙන් පාඩම සරලව  කෙනෙකුට තේරෙන විදියට අද ඉදන් Learning English in sinhala ලිපි මාලාවක් විදියට ඔයාලට අරගෙන එන්න.


      මමත් තාම ඉංග්‍රීසි භාෂාව හදාරන ශිෂ්‍යයෙක් ඉතින් මොකක් හරි වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න එක ලොකු උදව්වක් වේවි...

මුලින්ම අපි Tenses ගැන ඉගෙනගනිමු. ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් එහෙමත් නැත්නම් කාල චේදයන් 12 ක් තියනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න නම්, ලියන්න නම් මේ Tenses හොදින් ඉගෙනගන්න වෙනවා.

1. Simple Present Tense - සාමන්‍ය වර්තමාන ක්‍රියා
2. Simple Past Tense - සාමන්‍ය අතීත ක්‍රියා
3. Simple Future Tense - සාමාන්‍ය අනාගත ක්‍රියා
4. Present Continuous Tense - වර්තමාන තත්කාලීන ක්‍රියා
5. Past Continuous Tense - අතීත තත්කාලීන ක්‍රියා
6. Future Continuous Tense - අනාගත තත්කාලීන ක්‍රියා
7. Present Perfect Tense - වර්තමාන පුර්ණ ක්‍රියා
8. Past Perfect Tense - අතීත පුර්ණ ක්‍රියා
9. Future Perfect Tense - අනාගත පුර්ණ ක්‍රියා
10. Present Perfect Continuous Tense - වර්තමාන පුර්ණ තත්කාලීන ක්‍රියා
11. Past Perfect Continuous Tense - අතීත පුර්ණ තත්කාලීන ක්‍රියා
12. Future Perfect Continuous Tense - අනාගත පුර්ණ තත්කාලීන ක්‍රියා

                               Tenses ඉගෙනගන්න කලින් තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා. ඕනෑම දේකට මුලින්ම මුලික අඩිතාලම දාගෙන ඉන්න ඕනි. බලන්න පලවෙනි පාඩම පහලින්.

am ,is ,are - Verbs

                                       මුලින්ම අපි verbs ඉගෙනගම්මු මොකද වාක්‍යයක් හදන්න නම් මේ verbs ගැන දැනුමක් තියෙන්න ඕනි present tens වලදි අපි use කරන verb පහලින් බලන්න.

                        first person (උත්තම පුරුෂ)

                       *I (මම)                - am   (I'm)                                        
                     *We(අපි)              - are   (We're)

                        second person (මධ්‍යම පුරුෂ) 

                     *You(ඔබ/ඔබලා)  - are  (You're)

                        third person (ප්‍රථම පුරුෂ) 

                     *He(ඔහු)                - is    (He's)                            
                     *She(ඇය)              - is    (She's)
                     *It(ඌ/ඒක)            - is    (It's)
                     *They(ඔවුන්/ඒවා)  - are  ( They're)

අපි බලමු දැන් මේවා යොදාගෙන සරල වාක්‍ය නිර්මානය කරන්නෙ කොහොමද කියල.

         * I am a student.
         * My mother is at home.
         * Elephants are big animals.
         * You are a boy.
         * They are good girls.

 (බහු වචන යෙදෙන විට are යන්නද ඒක වචන යෙදෙන විට is යන්නද භාවිතා කෙරේ 
          examples:- Chilren are eat mangos.
                             Child is eat a mango. )

දැන් අපි බලමු නැත යන අර්ථය කොහොමද වාක්‍යයකට යොදන්නෙ කියල.


             * I am not         (i'm not)
             * You are not    (You aren't)
             * We are not     (We aren't)
             * He is not        (He isn't)
             * She is not       (She isn't)
             * It is not           (It isn't)
             * They are not   (They aren't)


* I am not a student.
* My mother is not at home.
* Elephants are not small animals.
* You are not a boy.
* They are not good girls.

 ඊලගට අපි බලමු වර්තමාන කාලයේ ප්‍රශ්න හදන්නෙ කොහොමද කියල.


             * Am I ?
             * Are You ?
             * Are We ?
             * Is He ?
             * Is She ?
             * Is It ?
             * Are They ?


* Is your mother at home ?
* Are they live in a village ?
* Am I stay here ?
* Are the students in library ? 
* Is mala in bed ?


        දැන් ඔයාලට යම් වැටහීමක් ඇති මේ දෙවල් කොහොමද යෙදෙන්නෙ කියල. ඒ වගේම වර්තමාන කාලයේ සරල වාක්‍ය නිර්මානය කරන හැටි ගැන යම් දැනුමක් ලැබෙන්න ඇති කියල මන් හිතනව. දැන් අපි මේ ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව කරන්න හදන්නෙ.

1. *Is your mother at home ?
    *Yes, My mother is at home.
    *No, My mother is not at home.

දැන් ඔයාල මේ උඩ තියනව වගේ වාක්‍ය හදන්න ඕනි. සාමාන්‍යයෙන් මේ වගේ වාක්‍ය 20 ක්වත් හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද මේවා ප්‍රායෝගිකව කරන තරමට ඔයාට මේව මතක හිටිනව.
ප්‍රායෝගිකව කරන්නේ නැතුව අපිට කවමදාවත් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බෑ. ඔයා වෙබ් සයිට් එකකට යයි පාඩමක් කියවයි නමුත් දවසක් දෙකක් යනකොට ඒ හැමදේම අමතක වෙලා යාවි. ඉති අපි ඉගෙනගත්තු දේවල් නැවත නැවත ප්‍රයෝගිකව ලියල හෝ නැත්නම් නැවත නැවත කියවල නිතරම භාවිතයේ තියනකොට තමයි මතක හිටින්නේ..

       මන් මේ Learning English in sinhala පාඩම් මාලාව කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇත්තටම මේ ප්‍රායෝගික පැත්ත ඔයාලට කියල දෙන එක මොකද එහෙම කරපු අය තමයි අද හොදට English කතා කරන්නෙ... ඉතින් අදට මෙච්චරයි හෙට ඊලග පාඩම අරගෙන එන්නම් share පාරක් දාල පොඩි සහයෝගයක් දෙන්න කලින් කිව්ව වගේ මොකක් හරි වැරදීමක් එහෙම දකිනවනම් comment එකක් විදියට දාන්න....

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
Anonymous
March 13, 2022 at 12:46 AM delete

Learning English In Sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01 - Software Sinhalen 4U >>>>> Download Now

>>>>> Download Full

Learning English In Sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01 - Software Sinhalen 4U >>>>> Download LINK

>>>>> Download Now

Learning English In Sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01 - Software Sinhalen 4U >>>>> Download Full

>>>>> Download LINK

Reply
avatar