Japanese Lessons 01

Japanese Lessons 01 
                                

ජපානය හැදින්වීම.

                       ජපානය වනාහි පැසිෆික් සාගරයේ නැගෙනහිර ආසියානු වෙරළට ඔබ්බෙන් පිහිටි දූපත් සමූහයකී. එයට ආසන්නව පිහිටා ඇති රටවල් නම් රුසියාව, චීනය හා කොරියානු රාජ්‍යයයි. 

                                                          ජපන් කොඩිය.
                                                                                                               ජපානයේ දූපත් 6,800ක්  පමණ දක්නට ලැබේ. මෙයින් බොහෝ දූපත් ඉතා කුඩා ඒවාය. වර්ග කිලෝමීටර් එකකට වැඩි දූපත් ඇත්තේ 340ක් පමණි. ජපන් රටේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 378,000 කී. ජපානයේ 98% ක භූමි ප්‍රමාණයක් විශාල දූපත් 4 කට සීමා වේ. ඒවා නම්,
                                               
                                           01. හොක්කයිදෝ 
                                           02. හොන්ෂු.
                                           03. ෂිකොකු.
                                           04. කියුෂු.


                                                    ජපානය උතුරු අක්ෂාංශ 30-40 ත් අතර පවතින දූපත් සමූහයකී. උතුරේ සිට දකුණට විහිදෙන මෙම දූපත් හී අක්ෂාංශ වල පිහිටීම අනුව දේශගුණය නිරන්තර වෙනස් වීම් වලට භාජනය වේ. භූ විෂමතා ලක්ෂණයන්ගෙන් ඉතා කැපී පෙනෙන රටක් වූ ජපානයෙහි විශාල කඳු වැටි, වනාන්තර මෙන්ම ගිනිකඳු වලින්ද යුක්ත වේ.
                                                                              ගිනිකඳු වැටි ව්ල උණුසුම් ජල බුබුළු, ස්වාභාවික ජල උල්පත් වී පොළවෙන් මතු වේ. මෙම ජලය නව පිබිදීමක් ලබාගැනීම සඳහා ස්නානය කිරීමට භාවිත කරයි. ජපානයේ ගංගා ඉතා කෙටි වුවත් අධික ජල ධාරාව හේතු කොටගෙන වේගයෙන් ගලා බසී.පැසිෆික් මුහුද ආසන්න්නව පැවතිය ද ශ්‍රී ලංකාව මෙන්ම ජපානය ද  ආසියානු රටක් වුවද ජපානය නැගෙනහිර ආසියානු රටක් වේ.  


ජපානයේ පිහිටීම. 

 ජපානය නම් මහ මුහුදින් වටවූ දූපත් රටකී. නැගෙනහිර දිශාවෙන් පැසිෆික් සාගරයෙන්ද, බටහිර දෙසින් ජපන් මුහුදින් ද ජපානය වටවී ඇත. ඉහතින් දක්වා ඇති පරිදි දූපත් 6.800 කින් සැදුම්ලත් මෙහි ප්‍රධාන දූපත් හතර නිරූපණය කරන්නේ මෙසේය.

                                                       හොන්ෂු, ෂිකොකු යන දූපත් මධ්‍යයේ සෙකෝ නම් අභ්‍යන්තර මුහුද පිහිට්ටා ඇත. ජපානය උතුරේ සිට දකුණට විහිදී ඇති රටක් නිසාත්, උතුරු අක්ෂාංශ 30-40 පිහිටීම අනුවත්, සෑම දෙසින්ම මුහුදින් වටවී තිබෙන  නිසාත්. මෝසම් සුළං මගින් දේශගුණයට නිතර බලපෑම් එල්ල වන නිසාත් එකිනෙකට පරයන නොනිමි අභ්‍යන්තයකින් යුත් සුන්දර වූ  සෘතු 4ක් ජපානය සතුය. 
                                                                          මුළු ලෝකයෙන්මඇති ගිණිකදු වලින් දහයෙන් එකක් ම ජපානයේ පිහිටීමත්, ප්‍රචණ්ඩ සුළං සහිත වැහි, භූ චලන ඇතිවීමට මෙයට හේතුවයි. උත්තර සමශීතෝෂ්ණ කලාපයේ භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් පිහිටීම නිසා උෂ්ණ සෘතුවේ පැසිෆික් සාගරයේ ගිණිකොණ දෙසින් හමන සුළං හා ශීත සෘතුවේ යුරේනියාමු මහද්වීපයෙන් වයඹ දිගින් වන සුළං සමඟ තෙත් සහිත මෝසම් දේශගුණයක් ඇත. එසේ නමුත් සාමාන්‍යයෙන් රටේ වසන්තය, ගිම්හාන, සරත්, ශීත වශයෙන් වෙනස් වූ සෘතු හතරක් වේ.

 
ජපානයේ සෘතු හතර දැක්වෙන වීඩියෝවක්.

                                                                    පැසිෆික් සාගරයත්, ජපන් මුහුදත් මැද්දෙන් පවතින බැවින් ඒ මගින් ඇතිවන බලපෑම් මඟින් මෙම එක් එක් දූපත් වල දේශගුණයන් නිතර නිතර වෙනස් වේ.
                                                           උදාහරණයක් ලෙස මාර්තු සිට මැයි මස කාලය තෙක් සප්පොරො නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0-12 වේ. කිගතා නුවර උෂ්ණත්වය 5-10 වන අතර ටෝකියෝවේ 10-20 ත් අතර වේ. 
ඒ අනුව් මෙහි දේශගුණය පිහිටීම අනුව වෙනස් වීම් වලට භාජනය වන් බව පැහැදිලිය. 



                          ජපන් භූමිය 3000Km තෙක් උත්තර හා දක්ෂිණ දිශාවල ඈතට විහිද පිහිටීම නිසා කාලගුණය ඒකාකාරීව නොපවතියි. මේ නිසා උතුරේ ඉතා ශීතල දේශගුණයක් ඇති හොක්කයිදෝ දූපතේ සිට දකුණේ සමශීතෝෂ්ණ දූපත් දක්වා දේශගුණික තත්වයන් තරමක් එකිනෙකට වෙනස් වේ. 

                                             ජපානයේ සුන්දරත්වය.
                       
උදාහරණයක් ලෙස උතුරේ සප්පොරෝ නගරයේත්, දකුණේ කහ නගරයේත් ඇත්තේ හාත්පසින්ම එකිනෙකට වෙනස් වූ දේශගුණික තත්ත්වයන්ය.
                                                                                    

                                                            ජපානයෙන් හතරෙන් තුනක්ම කඳුකර ප්‍රදේශ වන අතර ඉතිරි ප්‍රදේශ ගංගා හා මෝය වලින් යුක්ත තැනිතලා බිම් වේ. කාලාන්තරයක සිට පොළවෙහි පැවති නොයෙක් විපර්යාස හා සාගරයේ ඇතිවන වෙනස්වීම, ජපන් දූපත් වල අද පවතින භූ විෂමතාවට හීතු වී ඇති ප්‍රබල සාධකය වේ.

                                                ජපානයේ පිහිටි කඳු වැටි වල ව්‍යාප්තිය.

                                               ජපානයේ කඳුවැටි ස්වාභාව සෞන්දර්යයේ අපූර්ව දායාදයකී. හොංෂු දූපතේ පිහිටි ජපන් ඇල්ප්ස් කඳුවැටියත් කා හටත් ජපානය කී පමණින්ම මතකයට නැගෙන ලෝක ප්‍රසිද්ධ ෆූජි කන්ද ඒ අතර ප්‍රධාන වේ. උස මීටර් 3776 වන මෙය ජපානයේ උසම කන්ද වේ. ස්වාභාව සෞන්දර්යය අපූර්ව වූ සුන්දරත්වයක් ජපානයට එක් කළත් එය ජපන් ජාතිකයන්ට පහසුවෙන් ජීවත් වීමට රුකුලක් ලබා නොදෙයි.

                                                                ජපානයේ පිහිටි ඇල්ප්ස් කඳු වැටිය.

              ලෝක ප්‍රසිද්ධ ජපානයේ ෆූජි කන්ද.
                                             
     කරදිය වලල්ලෙන් වට වූ ජපානය
                     කුරා මලින් විකසිත වෙයි වසන්තය               
               රළු පැහැ ගැන්වෙයි කලකදි තුරු වදුල
       එකසේ පවතියි හිමකදු ගිණිකදු
     දුටු දුටු හැමගේ නෙත් සිත් පොපියන 
           සිරිමත් නිමැයුමකි මේ ලෝකය තුළ...

                                          දෙවන පාඩම් ඒකකයෙන් හමුවෙමු.

ඉදිරිපත් කිරීම ප්‍රවීන ජපන් උපදේශිකා පියුමි අමරසිංහ විසිනි.

 සැලකිය යුතුයි :-මෙහි එන කිසිම පාඩම් ඒකකයක් කර්තෘ ගේ අවසරයකින් තොරව කිසිම අයුරකින් කුමන හේතුවක් මත පිටපත් කිරීම හෝ වෙනත් අඩවි වල පල කිරීම සපුරා තහනම් වේ. එසේ වුවහොත් පූර්ව දැනුම් දීමකින් තොරව අදාල නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වන බව කරුණාවෙන් සලකන්න.

Share this

Related Posts

Previous
Next Post »

6 comments

comments
hasitha
December 12, 2015 at 10:22 AM delete

නියම වැඩක්.
දිගටම කරගෙන යන්න.
ජය වේවා.

Reply
avatar
Gima
December 12, 2015 at 10:30 PM delete

ගොඩාක් වටින ලිපියක්.
දිගටම පාඩම් ඒකක අරගෙන එන්න.
ජය වේවා.

Reply
avatar
siththa
December 14, 2015 at 1:37 AM delete

dhigatama karagena yanna.

Reply
avatar
November 17, 2021 at 3:55 AM delete

Godak watina wisthara tikak thiyenne.
Very good

Reply
avatar
Anonymous
April 6, 2023 at 8:05 AM delete

Godaki vatinawa 🌺

Reply
avatar