ඔන්න අපි ඔයාලට දෙන්න යන්නේ තවත් වටිනා කියන දෙයක්. අපේ වචනයයෙන්ම කිව්වොත් පට්ටම වැඩක් ගැන. ඒ තමයි ටී ෂර්ට් ඩිසයිනින් කරන හැටි කියලා දෙන වෙබ් සයිට් එකක් ගැන කියලා දෙන්න. ඔයාලා දන්නවා එක එක ක්‍රීඩා සංගම්, අපේ ස්කෝලවල් වල ක්‍රීඩා වලදී, විවිධ ආයතන වලදි වගේම විශේෂයෙන්ම කැම්පස් වලදී (ෆැකල්ටි ටී ෂර්ට්,ගෙට් වලට) ගොඩක්ම වැදගත් වන වැඩක් තමයි මේ ටී ෂර්ට් එකක් ඩිසයිනින් කරන්නෙ කොහොමද කියන එක. මොකද ඒක අත්දැකීමෙන්ම මම දන්න නිසා.
ඉතින් අපි ඒ ඩිසයිනින් එක කරගන්න වෙන්නෙ එක්කො පිට තැනකින් නැත්තම් අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරගෙන කාලෙත් නාස්ති කරගෙන. දැන් එහෙම කරන්න ඕනි නෑ මොකද ඒකට සුපිරි වැඩ කෑලි දාලා එන වෙබ් සයිට් එකක් තියනවා. මේකෙන් ඔයා කැමති විදියට ඕනිම සිසයිනින් එකක් දාගෙන හිතේ හැටියට හොඳ කොලිටියේ ඩිසයිනින් එකක් කරන්න හැකියාව ලැබෙන එක. මේ වැඩේ කිසිම දෙයක් නොදන්න කෙනෙකුට පවා කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ වෙබ් සයිට් එකට ගිහිල්ලා අවශ්‍ය කරන අයිටම් තෝරලා දීලා අලංකාර විදියට තමන්ගේ හිතේ කැමැත්ත ඉටු කරගන්න එක. එතකොට කාගෙවත් දිහා බලලා කරන ඩිසයිනින් එකකට වඩා ලොකූ වැදගත්කමක් ඒකට නිකන්ම ලැබෙන නිසා.
මේකෙදි ඔයාට ඒක එක අකුරු, හැඩ තල, විවිධ ආට් එකක් ඇඩ් කරන්න, නම් ඇතුළත් කරන්න, නෝට් එකක් දාන්න වගේම තමන්ට අවශ්‍ය පරිදි කැමති පාටක් ඇතුළත් කරලා ඕනිම හැඩයකින් නිර්මාණය කරගන්න පුලුවන්. මෙන්න තියනවා ස්ක්‍රීන් ෂොට්ස් කිපයක්. පහළ ලින්ක් එකෙන් වෙබ් එකට ගිහින් බලන්න.
වෙබ් අඩවියට පිවිසෙන්න.