Japanese Lessons 02 ජපන් සංස්කෘතිය.

ජපන් සංස්කෘතිය.

 

 

සකුරා මල්.

සකුරා යනු ජපානය නියෝජනය කරන ප්‍රධානතම මල් වර්ගය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙරට වැසියන් පමණක් නොව විදේශිකයින් පවා ජපානය හැදින්වීමට "සකුරා රට, සකුරා මල් පිපෙන රට නම් භවිත කිරීමෙන් පවා එය පැහැදිලි වේ. 

 

                                         "ඩයිකොට්ලීඩන්" හෙවත් පියළි සහිත බීජ වලින් හටගන්නා ශාක කුලයට අයත් වන සකුරා ශාකය, ඒ කුලයටම අයත් වන උමෝ, මෙමෝ (පීච්) වැනි ශාක අතුරින් කැපී පෙනෙන්නේ එහි ඇති විශේෂ සුන්දරත්වය නිසාය.වසන්ත කාලයේ උදාවත් සමඟම ජපානයේ සෑම ප්‍රදේශයකම පාහේ විකසිත වන සකුරා මල්, ජපන් ජාතිකයින් අමන්දානන්දයට පත් කරන්නකි.

                                                                                                            සකුරා මල් ප්‍රභේද කීපයකී. ඒ අතරින් යමද් සකුරා, සොමෙයිෂිනොද් සකුරා, සතෝද් සකුරා, හිගන් සකුරා, කසුම්ද් සකුරා සහ ඔශිමද් සකුරා යනාදිය ප්‍රධාන වේ. අතීතයේ සිටම ජපානයේ කඳු සහ තැනිතලා ප්‍රදේශවල ස්වභාවිකවම හටගත් සකුරා ශාකද දකින්නට ලැබුනද, ප්‍රභේද සුළු ගණනකට සීමා විය. නමුත් වර්තමානයේ වන විට නවීන තාක්ෂණය  යටතේ නිපදවන ලදුව ප්‍රභේද 360කට අධික 300කට නොඅඩු සංඛ්‍යාවක් දක්නට ලැබේ.

                                                                                                                              සමාන්‍යයෙන් සුදු හෝ රෝස පැහැය ගන්නා සකුරා මල පෙති 5කින් යුක්ත වේ. එසේ වුවද යමද් සකුරා නම් සකුරා වර්ගය තද රෝස පැහැයකින් යුක්ත වන අතර පොකුරු සකුරා වර්ගයකි. සකුරා ප්‍රභේද එහි පාට, හැඩය හා මලෙහි පෙති ගණන අනුව වර්ග කළ හැකි අතර අද ජපානයේ නවීන තාක්ෂණයෙන් නිපදවන සකුරා මල් උද්‍යාන පවතින අතර මේවා "සකුරා සෙන්ද්සෙන" නම් වේ.

 

                                                      ජපානයේ සීත කාලය අවසන් වී පරිසරය උණුසුම් වීමත් සමඟම පිපෙන සකුරා මලේ පෙති සම්පූර්ණයෙන් ම දිග හැරෙන දිනය ප්‍රදේශයේන් ප්‍රදේශයට වෙනස් වේ. ජපානය යනු උතුරේ සිට දකුණට විහිදෙන දූපත් සමූහයක් බැවින් රටෙහි උතුරු කෙළවර හා දකුණු කෙළවර අතර උෂ්ණත්ව පරතරය සෙල්සියස් අංශක 20ක් පමණ වීම මෙයට ප්‍රධාන හේතුවයි.එබැවින් උතුරු ප්‍රදේශ වල සකුරා පිපීම බොහෝ සෙයින් ප්‍රමාද වේ. 

ජපානයේ දකුණු කෙළවරේ පිහිටි ඔකිනාවා දූපතේ සකුරා මල් පිපීම ජනවාරි මාසයේ මුල් භාගයේ දී පමණ ආරම්භ වේ. ඉන්පසුව පිළිවෙලින් මාර්තු අග වන විට කියුෂු දකුණු දිග ප්‍රදේශයේ ද අප්‍රේල් මස මුල් භාගයේ ටෝකියෝවේ ද, සකුරා මල් පිපීම ආරම්භ වේ.ජපානයේ ඉහළින්ම පිහිටි හොක්කයිදෝ දූපතට සකුරා වසන්තය උදා වන්නේ මැයි මාසයේ පමණය.

Internet money sinhalen - අන්තර්ජාලයෙන් මුදල් හොයන්න 01

Internet money sinhalen - අන්තර්ජාලයෙන් මුදල් හොයන්න 01


 අලුත් දෙයක් එක්ක මම අද ඔයාලව හම්බවෙන්න ආවෙ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තියන වගේම ගොඩාක් අය නොදන්න මේ internet money ගැන කියල දෙන්න 
Share Up To 110 % - 10% Affiliate Program
                               ඇත්තටම ගොඩක් අය හිතනව මේක කරන්න බැරි වැඩක් කියල ඒත් මමනම් හිතන්නෙ සල්ලි හොයන්න දියුනු වෙන්න මේ තරම් ලේසි වැඩක් තවත් නෑ කියල මොකද අන්තර්ජාලය කියන්නෙ දෙවියෙක් හැමදේකටම උත්තර තියෙන තැනක් තමයි මෙතන ගෙදර ඉදන් හරි ඔයාල වැඩ කරන තැන ඉදන් හරි නිකන් ඉන්න වෙලාව ප්‍රයෝජනයට අරගෙන මේ වැඩේ කලොත් ඒක කවමදාවත් නාස්තියක් වෙන්නෙ නෑ. මේක කියවන ඔයාට හිතෙයි මේ පිලිබදව ඔයා මුකුත්ම දන්නෙ නෑ කියල ඒ වගේම ගොඩක් අය කියයි මේක බොරු වැඩක් කියල මොකද එයාල ඔයා තරම්වත් මේක ගැන දන්නෙ නෑ ඉතින් ඔයා මේ දැන් ඉදල internet money ගැන හොයන්න මගේ blog එක වගේම තව සිංහල blog ගොඩක් තියනව මේ සම්බන්දව ඒ වගේම english වලින් ලියවෙච්ච blog දාස් ගානක් ඉන්ටෙර්නෙට් එකේ තියෙනව කවදාවත් හිතන්න එපා ඔයාට බෑ කියල හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඔයාට වෙලාවක් නැත්නම් වෙලාවක් හදාගන්න මේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු අය තමයි අද ගොඩක් සල්ලි හොයන්නෙ. 


                  ඉතින් තව වැල් වටාරම් ඕනි නෑ අපි වැඩේට බහිමු මුලින්ම කියන්න ඕනි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න එක ක්‍රමයක් නෙවෙයි තියෙන්නෙ ක්‍රම ගනනාවක්ම තියෙනව දවසින් දවස මේ ක්‍රම ඔක්කොම ඔයාලට කියල දෙන්න තමයි මගෙ බලාපොරොත්තුව.

01. PTC (Paid Per Click- ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම)
02.Google adsens (තමන්ගේ web හෝ blog site එකක adsens ad දැමීම මගින් මුදල් සෙවීම)
03.Freelance projects (වෙනත් web අඩවියක වැඩ කිරීම මගින් මුදල් සෙවීම)
04.Affiliate marketing (වෙනත් web අඩවියක භාන්ඩයක් හෝ සේවාවක් විකුනා කොමිස් මුදලක් සෙවීම)

Share Up To 110 % - 10% Affiliate Program
                  මීට අමතරව තවත් ක්‍රම ගොඩක් තියෙනව නමුත් මේ උඩින් තියන ක්‍රම ටික තමයි සාර්තකම ඒ වගේම දැනට ගොඩක් අය වැඩිපුරම  භාවිතා කරන්නෙ මේ උඩින් දාල තියෙන ක්‍රම තමයි. ඉතින් ඊලග පොස්ට් එකෙන් PTC (Paid Per Click- ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම) කරන්නෙ කොහොමද කියල ඔයාලට මන් කියල දෙන්නම්.


                          
Share Up To 110 % - 10% Affiliate Program

Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.


Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.

  
ඉතින් යාලුවනේ පොරොන්දු උන විදියටම laptop එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන ලිපියක් තමයි මම අද අරගෙන ආවෙ. ඔයාලගෙ වැඩ පහසුවෙන් ඉක්මනින් කරගන්න වගේම ඕනම තැනකට පහසුවෙන් ගෙනියන්න පුලුවන් උපකරනයක් තමයි laptop එක කියන්නෙ ඉතින් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි laptop එකක් මිලට ගන්නකොට හොද එකක් තෝරගන්නෙ කොහොමද කියන එක. මොකද ඔයාල නොදන්න ගොඩක් දේවල් මේ විෂයේ තියනව. 

                   මුලින්ම ඔයාල හිතන්න ඕනි මොකක් සදහාද ඔයා laptop එකක් ගන්නෙ කියල මොකද ඔයා graphic වැඩ කරන කෙනෙක් නම් computer games play කරන කෙනෙක් නම් ඔයාට හොද graphic card එකක් වගේම හොද තත්වයේ prossor එකකුත් ඕනි වෙනව ඒ වගේම ඔයා laptop එකක් ගන්න හදන්නෙ ඔයාගෙ අධ්‍යාපනික වැඩ වලට නම් ඒකට සාමාන්‍ය තත්වයේ එකක් හොදටම ප්‍රමානවත් 

ඉතින් මේ laptop කාන්ඩ කිහිපයකට බෙදෙනව ඔයාගෙ need එකට අනුව ඔයාට තීරනය කරන්න පුලුවන් මොකක්ද මට ගැලපෙනම වර්ගය කියල

01. Entry-level         

budget laptop නමින් හදුන්වන මෙම කාන්ඩයේ ලැප්ටොප් මිලෙන් අඩුය මේවායින් කල හැක්කේ සාමාන්‍ය වැඩ පමනකි (word processing, internet browsing වැනි දේ ) මේවා ලන්කාවේ මුදලින් ගතහොත්  50000කට අඩුවෙන් ලබාගත හැක. මේවායින් හොද තත්ත්වයේ game play කිරීමටවත් අන්තර්ජාලයේ පහසුවෙන් tab විශාල ප්‍රමානයක් open කරගෙන වැඩ කිරීමටවත් නොහැකිය. අඩු ram ධාරිතාවක් මෙන්ම අඩු prossor speed එකක් සතු මේ පරිගනක සාමාන්‍ය වැඩ සදහා අඩු මුදලකට පාරිභෝගිකයාට හදුන්වාදුන් ඒවා වේ.  


02.Chromebooks

       මේවා google ආයතනය විසින් වෙලදපලට නිකුත් කරනු ලැබූ එවා වේ. මෙම laptop අද බොහෝ laptop සමග තරග කිරීමට හැකි බව google ආයතනය පවසා සිටී. chrome මෙහෙයුම් පද්ධතියෙන් පන ලබන මෙම laptop නිර්මානය කර ඇත්තේ බොහෝ applications google cloud තුල වැඩ කරන ලෙසටය.අඩු ධාරිතාවක් සහිත hard drive එකක් මේ පරිගනක වලට හොදටම ප්‍රමානවත් වන්නේ ඒ නිසාය. මෙයින් පෙනෙන්නේ මෙම පරිගනක අන්තර්ජාල භාවිතා කරන්නන්ටම සැකසූ ඒවා බවය නමුත් මෑතකදී google සමාගම විසින් app නිර්මානකරුවන්ව දැනුවත් කර ඇත්තේ offline ක්‍රමයටද වැඩ කරන ලෙස app නිර්මානය කරන ලෙසය. කෙසේවෙතත් මන්දගාමී internet connection සහිත අයට මේ පරිගනක වලින් වැඩ කරගැනීමට අපහසු වන බව සදහන් වේ.





03.Ultrabook

  මෙම වර්ගයේ laptop intel සමාගම සතු වේ.මේවාට සාමාන්‍ය netbook වලට වඩා වැඩි යමක් එකතු කර intel core processor එක් කර වැඩිදියුනු කල ඒවා වේ. බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් ධාරිතාව වැඩි දෘඪාංග භාවිතා කිරීම නිසා මේවා මිලෙන් අධික වේ.



04.The 2-in-1 Laptops


මෙම laptop
බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් tab එකක් ලෙසද භාවිතා කල හැකි සේ නිපදවා ඇත එම නිසා මේවා 2-in-1 Laptop හෝ Convertible laptop ලෙස හැදින්විය හැකිය. විශේෂත්වය වන්නේ key borad එකෙන් වෙන් වන ලෙස display එක ගැලවීමට මෙන්ම keyboard එක පිටුපසට නමා ටැබ් එකක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාවයි. කෙසේවෙතත් මෙම laptop නිර්මානය කිරීමට භාවිතා කර ඇත්තේ හොදම අමුද්‍රව්‍ය නොවේ



05.Gaming laptops

අධික මිලකින් යුක්තවන මෙම laptop නිර්මානය සදහා යොදාගෙන ඇත්තේ හොදම දෘඩාංගයි. ධාරිතාවයෙන් වැඩි graphic card එකක්  prossor එකක් මෙන්ම වැඩි ධාරිතාවයකින් යුත් ram card එකක් හා hard drive එකකින් මෙම laptop බලගැන්වේ. තිරය අනෙක් ලැප්ටොප් වලට වඩා තරමක් විශාල වන අතර ක්‍රීඩා කිරීම සදහාම නිර්මානය වුනු keyboard එකකින් මේවා සමන්විත වේ. නිරන්තරයෙන් වෙනස් වෙමින් පැමිනෙන මෙම laptop වල ඉල්ලුම වැඩිවාක් මෙන්ම මිලෙන්ද ඉහල යන්නේ ජවසම්පන්න බව වැඩි නිසාය.