Japanese Lessons 02 ජපන් සංස්කෘතිය.

ජපන් සංස්කෘතිය.

 

 

සකුරා මල්.

සකුරා යනු ජපානය නියෝජනය කරන ප්‍රධානතම මල් වර්ගය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙරට වැසියන් පමණක් නොව විදේශිකයින් පවා ජපානය හැදින්වීමට "සකුරා රට, සකුරා මල් පිපෙන රට නම් භවිත කිරීමෙන් පවා එය පැහැදිලි වේ. 

 

                                         "ඩයිකොට්ලීඩන්" හෙවත් පියළි සහිත බීජ වලින් හටගන්නා ශාක කුලයට අයත් වන සකුරා ශාකය, ඒ කුලයටම අයත් වන උමෝ, මෙමෝ (පීච්) වැනි ශාක අතුරින් කැපී පෙනෙන්නේ එහි ඇති විශේෂ සුන්දරත්වය නිසාය.වසන්ත කාලයේ උදාවත් සමඟම ජපානයේ සෑම ප්‍රදේශයකම පාහේ විකසිත වන සකුරා මල්, ජපන් ජාතිකයින් අමන්දානන්දයට පත් කරන්නකි.

                                                                                                            සකුරා මල් ප්‍රභේද කීපයකී. ඒ අතරින් යමද් සකුරා, සොමෙයිෂිනොද් සකුරා, සතෝද් සකුරා, හිගන් සකුරා, කසුම්ද් සකුරා සහ ඔශිමද් සකුරා යනාදිය ප්‍රධාන වේ. අතීතයේ සිටම ජපානයේ කඳු සහ තැනිතලා ප්‍රදේශවල ස්වභාවිකවම හටගත් සකුරා ශාකද දකින්නට ලැබුනද, ප්‍රභේද සුළු ගණනකට සීමා විය. නමුත් වර්තමානයේ වන විට නවීන තාක්ෂණය  යටතේ නිපදවන ලදුව ප්‍රභේද 360කට අධික 300කට නොඅඩු සංඛ්‍යාවක් දක්නට ලැබේ.

                                                                                                                              සමාන්‍යයෙන් සුදු හෝ රෝස පැහැය ගන්නා සකුරා මල පෙති 5කින් යුක්ත වේ. එසේ වුවද යමද් සකුරා නම් සකුරා වර්ගය තද රෝස පැහැයකින් යුක්ත වන අතර පොකුරු සකුරා වර්ගයකි. සකුරා ප්‍රභේද එහි පාට, හැඩය හා මලෙහි පෙති ගණන අනුව වර්ග කළ හැකි අතර අද ජපානයේ නවීන තාක්ෂණයෙන් නිපදවන සකුරා මල් උද්‍යාන පවතින අතර මේවා "සකුරා සෙන්ද්සෙන" නම් වේ.

 

                                                      ජපානයේ සීත කාලය අවසන් වී පරිසරය උණුසුම් වීමත් සමඟම පිපෙන සකුරා මලේ පෙති සම්පූර්ණයෙන් ම දිග හැරෙන දිනය ප්‍රදේශයේන් ප්‍රදේශයට වෙනස් වේ. ජපානය යනු උතුරේ සිට දකුණට විහිදෙන දූපත් සමූහයක් බැවින් රටෙහි උතුරු කෙළවර හා දකුණු කෙළවර අතර උෂ්ණත්ව පරතරය සෙල්සියස් අංශක 20ක් පමණ වීම මෙයට ප්‍රධාන හේතුවයි.එබැවින් උතුරු ප්‍රදේශ වල සකුරා පිපීම බොහෝ සෙයින් ප්‍රමාද වේ. 

ජපානයේ දකුණු කෙළවරේ පිහිටි ඔකිනාවා දූපතේ සකුරා මල් පිපීම ජනවාරි මාසයේ මුල් භාගයේ දී පමණ ආරම්භ වේ. ඉන්පසුව පිළිවෙලින් මාර්තු අග වන විට කියුෂු දකුණු දිග ප්‍රදේශයේ ද අප්‍රේල් මස මුල් භාගයේ ටෝකියෝවේ ද, සකුරා මල් පිපීම ආරම්භ වේ.ජපානයේ ඉහළින්ම පිහිටි හොක්කයිදෝ දූපතට සකුරා වසන්තය උදා වන්නේ මැයි මාසයේ පමණය.

Share this

Related Posts

Previous
Next Post »