Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.


Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.

  
ඉතින් යාලුවනේ පොරොන්දු උන විදියටම laptop එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන ලිපියක් තමයි මම අද අරගෙන ආවෙ. ඔයාලගෙ වැඩ පහසුවෙන් ඉක්මනින් කරගන්න වගේම ඕනම තැනකට පහසුවෙන් ගෙනියන්න පුලුවන් උපකරනයක් තමයි laptop එක කියන්නෙ ඉතින් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි laptop එකක් මිලට ගන්නකොට හොද එකක් තෝරගන්නෙ කොහොමද කියන එක. මොකද ඔයාල නොදන්න ගොඩක් දේවල් මේ විෂයේ තියනව. 

                   මුලින්ම ඔයාල හිතන්න ඕනි මොකක් සදහාද ඔයා laptop එකක් ගන්නෙ කියල මොකද ඔයා graphic වැඩ කරන කෙනෙක් නම් computer games play කරන කෙනෙක් නම් ඔයාට හොද graphic card එකක් වගේම හොද තත්වයේ prossor එකකුත් ඕනි වෙනව ඒ වගේම ඔයා laptop එකක් ගන්න හදන්නෙ ඔයාගෙ අධ්‍යාපනික වැඩ වලට නම් ඒකට සාමාන්‍ය තත්වයේ එකක් හොදටම ප්‍රමානවත් 

ඉතින් මේ laptop කාන්ඩ කිහිපයකට බෙදෙනව ඔයාගෙ need එකට අනුව ඔයාට තීරනය කරන්න පුලුවන් මොකක්ද මට ගැලපෙනම වර්ගය කියල

01. Entry-level         

budget laptop නමින් හදුන්වන මෙම කාන්ඩයේ ලැප්ටොප් මිලෙන් අඩුය මේවායින් කල හැක්කේ සාමාන්‍ය වැඩ පමනකි (word processing, internet browsing වැනි දේ ) මේවා ලන්කාවේ මුදලින් ගතහොත්  50000කට අඩුවෙන් ලබාගත හැක. මේවායින් හොද තත්ත්වයේ game play කිරීමටවත් අන්තර්ජාලයේ පහසුවෙන් tab විශාල ප්‍රමානයක් open කරගෙන වැඩ කිරීමටවත් නොහැකිය. අඩු ram ධාරිතාවක් මෙන්ම අඩු prossor speed එකක් සතු මේ පරිගනක සාමාන්‍ය වැඩ සදහා අඩු මුදලකට පාරිභෝගිකයාට හදුන්වාදුන් ඒවා වේ.  


02.Chromebooks

       මේවා google ආයතනය විසින් වෙලදපලට නිකුත් කරනු ලැබූ එවා වේ. මෙම laptop අද බොහෝ laptop සමග තරග කිරීමට හැකි බව google ආයතනය පවසා සිටී. chrome මෙහෙයුම් පද්ධතියෙන් පන ලබන මෙම laptop නිර්මානය කර ඇත්තේ බොහෝ applications google cloud තුල වැඩ කරන ලෙසටය.අඩු ධාරිතාවක් සහිත hard drive එකක් මේ පරිගනක වලට හොදටම ප්‍රමානවත් වන්නේ ඒ නිසාය. මෙයින් පෙනෙන්නේ මෙම පරිගනක අන්තර්ජාල භාවිතා කරන්නන්ටම සැකසූ ඒවා බවය නමුත් මෑතකදී google සමාගම විසින් app නිර්මානකරුවන්ව දැනුවත් කර ඇත්තේ offline ක්‍රමයටද වැඩ කරන ලෙස app නිර්මානය කරන ලෙසය. කෙසේවෙතත් මන්දගාමී internet connection සහිත අයට මේ පරිගනක වලින් වැඩ කරගැනීමට අපහසු වන බව සදහන් වේ.





03.Ultrabook

  මෙම වර්ගයේ laptop intel සමාගම සතු වේ.මේවාට සාමාන්‍ය netbook වලට වඩා වැඩි යමක් එකතු කර intel core processor එක් කර වැඩිදියුනු කල ඒවා වේ. බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් ධාරිතාව වැඩි දෘඪාංග භාවිතා කිරීම නිසා මේවා මිලෙන් අධික වේ.



04.The 2-in-1 Laptops


මෙම laptop
බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් tab එකක් ලෙසද භාවිතා කල හැකි සේ නිපදවා ඇත එම නිසා මේවා 2-in-1 Laptop හෝ Convertible laptop ලෙස හැදින්විය හැකිය. විශේෂත්වය වන්නේ key borad එකෙන් වෙන් වන ලෙස display එක ගැලවීමට මෙන්ම keyboard එක පිටුපසට නමා ටැබ් එකක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාවයි. කෙසේවෙතත් මෙම laptop නිර්මානය කිරීමට භාවිතා කර ඇත්තේ හොදම අමුද්‍රව්‍ය නොවේ



05.Gaming laptops

අධික මිලකින් යුක්තවන මෙම laptop නිර්මානය සදහා යොදාගෙන ඇත්තේ හොදම දෘඩාංගයි. ධාරිතාවයෙන් වැඩි graphic card එකක්  prossor එකක් මෙන්ම වැඩි ධාරිතාවයකින් යුත් ram card එකක් හා hard drive එකකින් මෙම laptop බලගැන්වේ. තිරය අනෙක් ලැප්ටොප් වලට වඩා තරමක් විශාල වන අතර ක්‍රීඩා කිරීම සදහාම නිර්මානය වුනු keyboard එකකින් මේවා සමන්විත වේ. නිරන්තරයෙන් වෙනස් වෙමින් පැමිනෙන මෙම laptop වල ඉල්ලුම වැඩිවාක් මෙන්ම මිලෙන්ද ඉහල යන්නේ ජවසම්පන්න බව වැඩි නිසාය.

Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments
August 20, 2017 at 12:08 AM delete

හොද වටින ලිපියක් !! :D

Reply
avatar
May 7, 2018 at 12:05 AM delete

Chromebooks are performing well in the market.

Best chromebooks in 2018

Reply
avatar