System optimiz කරගන්න Eusing Cleaner.

+

System optimiz කරගන්න Eusing Cleaner.

 මේක ඔයාලට free ලබාදෙන පොඩි සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නේ ඔයාගේ පරිඝණකයේ ඇති අනවශ්‍ය ෆයිල් වර්ග අයින් කරන එකයි. ඔයාලට පුලුවන් Internet history එක අයින් කරගන්න. ඒවගේම cache, cookies, history, typed URLs, autocomplete memory, index.dat from browser, Window's temp folder, run history, search history, recycle bin,  recent documents වගේ ඔයාලට අනවශ්‍ය ෆයිල් මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඔයාලගේ පරිඝණකයේ වේගය කාර්යක්ෂමතාව වැඩි කරගන්නත් මේ සොෆ්ට්වෙයා එක හරහා පුලුවන්. තව සිස්ටම් එකේ තියන errors නැතිකරගන්නත් මේ පොඩි සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.

 

මෙන්න Technical පැත්ත.

Title: Eusing Cleaner 4.7
Filename: EFSCSetup.exe
File size: 1.48MB
Requirements: Windows (All Versions)
Languages: Multiple languages
License: Freeware
Date added: December 10, 2015
  

 
 
මෙන්න ලින්ක් එක.

Audials Radiotracker ඔන්ලියින් රේඩියෝ අහන්න.

Audials Radiotracker ඔන්ලියින් රේඩියෝ අහන්න.

 

 

 Audials Radiotracker කියන්නේ ඔන්ලියින් රේඩියෝ ස්ටේශන් අහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේකන් ඔයාලා කැමතිම සින්දු රෙකෝඩ් කරගන්නත් පුලුවන් වෙනවා. ඒවගේම එක එක ෆෝමැට් ෆයිල් මේ සොෆ්ට්වෙයා එකට සපෝට් කරනවා. MP3, WMA සහ  AAC වගේ. මෙන්න බාගෙන බලන්නකෝ.

Title: Audials Radiotracker 14.0.50500.0
Filename: Audials_Radiotracker-Setup.exe
File size: 71.56MB 

Requirements: Windows (All Versions)

Languages: Multiple languages
License: Commercial Trial
Date added: December 11, 2015
                                        මෙන්න ලින්ක් එක.

                                         download audials radiotracker


Audials One audio and video ෆයිල් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

Audials One audio and video ෆයිල් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

 



Audials One කියන්නේ audio සහ video ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වටිනා කියන සොෆ්ට්වෙයා එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මූලිකවම ඒකෙන් නොමිලේ ලබාදෙන music සහ video ෆයිල් එකතු කිරීමයි. මේ සොෆ්ට්වෙයා එක අලංකාර පසුබිමකින් යුක්ත වෙනවා. 
                                                                                                                     
ඒවගේම ඔයාට අවශ්‍ය වීඩියෝ සහ ඕඩියෝ ෆයිල් එකේ quality එක තෝරලා දෙන්නත් පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් දුරට නොමිලේ ලබාදෙන Music ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න නිර්මාණය වෙලා තිබුණත් මේකෙන් ෆිල්ම්ස් නම් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මේක ටික කාලයකට විතරක් ලබාදෙන සොෆ්ට්වෙයා එකක්.
 
මෙන්න විස්තර බලාගන්න.
Title: Audials One 14.0.50500.0

Filename: Audials_One-Setup.exe

File size: 71.56MB (75,038,560 bytes)

Requirements: Windows (All Versions)

Languages: Multiple languages

License: Commercial Trial

Date added: December 11, 2015
මෙන්න ලින්ක් එක.

  


Torch Browser එක මෙන්න.

Torch Browser එක මෙන්න.

 


ඔයාලට අන්තර්ජාලය භාවිත කිරීමේදි අනිවාර්යයෙන්ම වෙබ් බ්‍රව්සරයක් පාවිච්චි කරන්න වෙනවා. මෙන්න ඒකට නියම විසඳුම. ටෝච් බ්‍රව්සරයේ නව සංස්කරණය දැන් නිකුත් වෙලා තියෙනවා. Drag & Drop කරන්න, Torrent ෆයිල් බාගත කරගන්න, Media Grabber වගේම ඉතා පහසුවෙන් මේ හරහා Easy Sharing කරගන්න පුලුවන්. වේගවත් වර්තමානයට ගැලපෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.


Title: Torch Browser 42.0.0.10695
Filename: TorchSetupFull.exe
File size: 85.01MB (89,137,688 bytes)
Requirements: Windows (All Versions)
Languages: Multiple languages
License: Freeware
Date added: December 11, 2015

මෙන්න අලුත් Notepad++ 6.8.8 ඩවුන්ලෝඩ් කරගන්න.

මෙන්න අලුත් Notepad++ 6.8.8 ඩවුන්ලෝඩ් කරගන්න.

 

 මෙන්න යාළුවනේ අද අපි ඔයාලට Notepad++ එකේ නව සංස්කරණය අරගෙන ආවා. ආය ඉතින් කියන්න දෙයක් නෑ මේක ඔයාලගේ පරිඝණකයට දාගත්තොත් පාඩුවක් නම් වෙන්නේ නෑ. ඉතින් මේ කෝඩ් එඩිටර් එක භාෂා කීපයකින්ම තියෙනවා. Open Source සොෆ්ට්වෙයා එකක් වන මේ නොට්පෑඩ්++ කාර්යක්ෂම එඩිටින් සොෆ්ට්වෙයා එකක් වෙනවා. ඒ වගේම ඔයාලට මෙන්න මේ කියන දේවල් ටිකත් මේ සොෆ්ට්වෙයා එකෙන් කරගන්න පුලුවන් වෙනවා. 4Mb පමණයි.

 

  • Syntax Highlighting and Syntax Folding
  • WYSIWYG
  • User Defined Syntax Highlighting
  • Auto-completion
  • Multi-Document
  • Multi-View
  • Regular Expression Search/Replace supported
  • Full Drag 'N' Drop supported
  • Dynamic position of Views
  • File Status Auto-detection
  • Zoom in and zoom out
  • Multi-Language environment supported
  • Bookmark
  • Brace and Indent guideline Highlighting
  • Macro recording and playback

  • මෙන්න ස්ක්‍රීන් ෂොට්ස් කීපයක්.




    මෙන්න Technical පැත්ත.
     
    Title: Notepad++ 6.8.8
    Filename: npp.6.8.8.Installer.exe
    File size: 3.93MB (4,121,418 bytes)
    Requirements: Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
    Languages: Multiple languages
    License: Open Source
    Date added: December 11, 2015

     

    මෙන්න ලින්ක් එක දැන්ම බාගත කරගන්න.

    download notepad++ 


    Japanese Lessons 01

    Japanese Lessons 01 
                                    

    ජපානය හැදින්වීම.

                           ජපානය වනාහි පැසිෆික් සාගරයේ නැගෙනහිර ආසියානු වෙරළට ඔබ්බෙන් පිහිටි දූපත් සමූහයකී. එයට ආසන්නව පිහිටා ඇති රටවල් නම් රුසියාව, චීනය හා කොරියානු රාජ්‍යයයි. 

                                                              ජපන් කොඩිය.
                                                                                                                   ජපානයේ දූපත් 6,800ක්  පමණ දක්නට ලැබේ. මෙයින් බොහෝ දූපත් ඉතා කුඩා ඒවාය. වර්ග කිලෝමීටර් එකකට වැඩි දූපත් ඇත්තේ 340ක් පමණි. ජපන් රටේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 378,000 කී. ජපානයේ 98% ක භූමි ප්‍රමාණයක් විශාල දූපත් 4 කට සීමා වේ. ඒවා නම්,
                                                   
                                               01. හොක්කයිදෝ 
                                               02. හොන්ෂු.
                                               03. ෂිකොකු.
                                               04. කියුෂු.


                                                        ජපානය උතුරු අක්ෂාංශ 30-40 ත් අතර පවතින දූපත් සමූහයකී. උතුරේ සිට දකුණට විහිදෙන මෙම දූපත් හී අක්ෂාංශ වල පිහිටීම අනුව දේශගුණය නිරන්තර වෙනස් වීම් වලට භාජනය වේ. භූ විෂමතා ලක්ෂණයන්ගෙන් ඉතා කැපී පෙනෙන රටක් වූ ජපානයෙහි විශාල කඳු වැටි, වනාන්තර මෙන්ම ගිනිකඳු වලින්ද යුක්ත වේ.
                                                                                  ගිනිකඳු වැටි ව්ල උණුසුම් ජල බුබුළු, ස්වාභාවික ජල උල්පත් වී පොළවෙන් මතු වේ. මෙම ජලය නව පිබිදීමක් ලබාගැනීම සඳහා ස්නානය කිරීමට භාවිත කරයි. ජපානයේ ගංගා ඉතා කෙටි වුවත් අධික ජල ධාරාව හේතු කොටගෙන වේගයෙන් ගලා බසී.පැසිෆික් මුහුද ආසන්න්නව පැවතිය ද ශ්‍රී ලංකාව මෙන්ම ජපානය ද  ආසියානු රටක් වුවද ජපානය නැගෙනහිර ආසියානු රටක් වේ.  


    ජපානයේ පිහිටීම. 

     ජපානය නම් මහ මුහුදින් වටවූ දූපත් රටකී. නැගෙනහිර දිශාවෙන් පැසිෆික් සාගරයෙන්ද, බටහිර දෙසින් ජපන් මුහුදින් ද ජපානය වටවී ඇත. ඉහතින් දක්වා ඇති පරිදි දූපත් 6.800 කින් සැදුම්ලත් මෙහි ප්‍රධාන දූපත් හතර නිරූපණය කරන්නේ මෙසේය.

                                                           හොන්ෂු, ෂිකොකු යන දූපත් මධ්‍යයේ සෙකෝ නම් අභ්‍යන්තර මුහුද පිහිට්ටා ඇත. ජපානය උතුරේ සිට දකුණට විහිදී ඇති රටක් නිසාත්, උතුරු අක්ෂාංශ 30-40 පිහිටීම අනුවත්, සෑම දෙසින්ම මුහුදින් වටවී තිබෙන  නිසාත්. මෝසම් සුළං මගින් දේශගුණයට නිතර බලපෑම් එල්ල වන නිසාත් එකිනෙකට පරයන නොනිමි අභ්‍යන්තයකින් යුත් සුන්දර වූ  සෘතු 4ක් ජපානය සතුය. 
                                                                              මුළු ලෝකයෙන්මඇති ගිණිකදු වලින් දහයෙන් එකක් ම ජපානයේ පිහිටීමත්, ප්‍රචණ්ඩ සුළං සහිත වැහි, භූ චලන ඇතිවීමට මෙයට හේතුවයි. උත්තර සමශීතෝෂ්ණ කලාපයේ භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් පිහිටීම නිසා උෂ්ණ සෘතුවේ පැසිෆික් සාගරයේ ගිණිකොණ දෙසින් හමන සුළං හා ශීත සෘතුවේ යුරේනියාමු මහද්වීපයෙන් වයඹ දිගින් වන සුළං සමඟ තෙත් සහිත මෝසම් දේශගුණයක් ඇත. එසේ නමුත් සාමාන්‍යයෙන් රටේ වසන්තය, ගිම්හාන, සරත්, ශීත වශයෙන් වෙනස් වූ සෘතු හතරක් වේ.

     
    ජපානයේ සෘතු හතර දැක්වෙන වීඩියෝවක්.

                                                                        පැසිෆික් සාගරයත්, ජපන් මුහුදත් මැද්දෙන් පවතින බැවින් ඒ මගින් ඇතිවන බලපෑම් මඟින් මෙම එක් එක් දූපත් වල දේශගුණයන් නිතර නිතර වෙනස් වේ.
                                                               උදාහරණයක් ලෙස මාර්තු සිට මැයි මස කාලය තෙක් සප්පොරො නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0-12 වේ. කිගතා නුවර උෂ්ණත්වය 5-10 වන අතර ටෝකියෝවේ 10-20 ත් අතර වේ. 
    ඒ අනුව් මෙහි දේශගුණය පිහිටීම අනුව වෙනස් වීම් වලට භාජනය වන් බව පැහැදිලිය. 



                              ජපන් භූමිය 3000Km තෙක් උත්තර හා දක්ෂිණ දිශාවල ඈතට විහිද පිහිටීම නිසා කාලගුණය ඒකාකාරීව නොපවතියි. මේ නිසා උතුරේ ඉතා ශීතල දේශගුණයක් ඇති හොක්කයිදෝ දූපතේ සිට දකුණේ සමශීතෝෂ්ණ දූපත් දක්වා දේශගුණික තත්වයන් තරමක් එකිනෙකට වෙනස් වේ. 

                                                 ජපානයේ සුන්දරත්වය.
                           
    උදාහරණයක් ලෙස උතුරේ සප්පොරෝ නගරයේත්, දකුණේ කහ නගරයේත් ඇත්තේ හාත්පසින්ම එකිනෙකට වෙනස් වූ දේශගුණික තත්ත්වයන්ය.
                                                                                        

                                                                ජපානයෙන් හතරෙන් තුනක්ම කඳුකර ප්‍රදේශ වන අතර ඉතිරි ප්‍රදේශ ගංගා හා මෝය වලින් යුක්ත තැනිතලා බිම් වේ. කාලාන්තරයක සිට පොළවෙහි පැවති නොයෙක් විපර්යාස හා සාගරයේ ඇතිවන වෙනස්වීම, ජපන් දූපත් වල අද පවතින භූ විෂමතාවට හීතු වී ඇති ප්‍රබල සාධකය වේ.

                                                    ජපානයේ පිහිටි කඳු වැටි වල ව්‍යාප්තිය.

                                                   ජපානයේ කඳුවැටි ස්වාභාව සෞන්දර්යයේ අපූර්ව දායාදයකී. හොංෂු දූපතේ පිහිටි ජපන් ඇල්ප්ස් කඳුවැටියත් කා හටත් ජපානය කී පමණින්ම මතකයට නැගෙන ලෝක ප්‍රසිද්ධ ෆූජි කන්ද ඒ අතර ප්‍රධාන වේ. උස මීටර් 3776 වන මෙය ජපානයේ උසම කන්ද වේ. ස්වාභාව සෞන්දර්යය අපූර්ව වූ සුන්දරත්වයක් ජපානයට එක් කළත් එය ජපන් ජාතිකයන්ට පහසුවෙන් ජීවත් වීමට රුකුලක් ලබා නොදෙයි.

                                                                    ජපානයේ පිහිටි ඇල්ප්ස් කඳු වැටිය.

                  ලෝක ප්‍රසිද්ධ ජපානයේ ෆූජි කන්ද.
                                                 
         කරදිය වලල්ලෙන් වට වූ ජපානය
                         කුරා මලින් විකසිත වෙයි වසන්තය               
                   රළු පැහැ ගැන්වෙයි කලකදි තුරු වදුල
           එකසේ පවතියි හිමකදු ගිණිකදු
         දුටු දුටු හැමගේ නෙත් සිත් පොපියන 
               සිරිමත් නිමැයුමකි මේ ලෝකය තුළ...

                                              දෙවන පාඩම් ඒකකයෙන් හමුවෙමු.

    ඉදිරිපත් කිරීම ප්‍රවීන ජපන් උපදේශිකා පියුමි අමරසිංහ විසිනි.

     සැලකිය යුතුයි :-මෙහි එන කිසිම පාඩම් ඒකකයක් කර්තෘ ගේ අවසරයකින් තොරව කිසිම අයුරකින් කුමන හේතුවක් මත පිටපත් කිරීම හෝ වෙනත් අඩවි වල පල කිරීම සපුරා තහනම් වේ. එසේ වුවහොත් පූර්ව දැනුම් දීමකින් තොරව අදාල නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වන බව කරුණාවෙන් සලකන්න.

    PDFCreator 2.2.2 PDF ෆයිල් හදාගන්න නියම සොෆ්ට්වෙයා එකක්.

    PDFCreator 2.2.2 PDF ෆයිල් හදාගන්න නියම සොෆ්ට්වෙයා එකක්.


    ඔයාලට ඉතාම පහසුවෙන් PDF ෆයිල් නිර්මාණය කරගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්. පොඩි පියවර කිහිපයකින් ඔයාලට අවශ්‍ය පරිදි PDF ෆයිල් නිර්මාණය කරගන්න පුලුවන් වෙනවා. මේක 25mb ක පොඩි සොෆ්ට්වෙයා එකක්. මෙන්න බලන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ලැබෙන තවත් වාසි කිපයක්.

  • Create PDFs from any program that is able to print
  • Security: Encrypt PDFs and protect them from being opened, printed etc.
  • Send generated files via eMail
  • Create more than just PDFs: PNG, JPG, TIFF, BMP, PCX, PS, EPS
  • AutoSave files to folders and filenames based on Tags like Username, Computername, Date, Time etc.
  • Merge multiple files into one PDF
  • Easy Install: Just say what you want and everything is installed
  • Terminal Server: PDFCreator also runs on Terminal Servers without problem.   

  • මෙන්න තාක්ෂණික පැත්ත.


    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    download pdfcreator  

                                                           

    මෙන්න අලුත් Avira Free Antivirus එක ඩවුන්ලෝඩ් කරගන්න.

     මෙන්න අලුත් Avira Free Antivirus එක ඩවුන්ලෝඩ් කරගන්න.

     


    ඔන්න අද අපි ගෙනාව අලුත් වයිරස් ගාඩ් එක තමයි Avira Free Antivirus එක. දැන් තියන වයිරස් ගාඩ් අතරින් වඩා හොඳ විස්වාසවන්ත වයිරස් ගාඩ් එකක් තමයි මේ ඇවයිරා කියන්නේ. ඔයාලගේ අත්‍යවශ්‍ය දත්ත, පෞද්ගලික තොරතුරු වගේම කරදරකාර වයිරස් වැඩසටහන් වලින් හොඳ ආරක්ෂාවක් ගන්න මේ වයිරස් ගාඩ් එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මෙන්න මේ වාසි ඔයාලට මේ ගාඩ් එක පරිඝණකයට දාගත්තොත් ලබාගන්න පුලුවනන්න් 211mb විතරයි.

    • Free protection for life.
    • Trusted by 100 million users.
    • Smart artificial intelligence that blocks over 30 million threats daily.
    • Award-winning virus engine.
    • Real-time protection from the cloud against emerging threats.
    • Blocks potentially unwanted programs hidden in software bundles.
    • Blocks infected and phishing websites before they load.

    මෙන්න බලන්න ස්ක්‍රීන් ෂොට්ස් කිපයක්. 









    මෙන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න.

     download avira Free Antivirus

    Best & Worst Laptop Brands 2015

    Best & Worst Laptop Brands 2015 

     



    ඔයාලට මේ දවස් වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි මොනවගේ laptop බ්‍රෑන්ඩ් එකක්ද මිලදී ගන්න ඕනි කියන එක. ඒකට විවිධ වර්ගයේ විවිධාකාර අදහස් අපි හැමෝම ළග තියෙනවා. ඒත් හොයලා බලන්න වටින කාරණාවක් තියෙනවා. ඒ තමයි මොනවගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත්ද ඔයාලගේ අතට වාසි සහගත වන්නේ කියන එක. මොකද ඒක අපි හැමෝගෙම තියන එකම හීනයක් නිසා. කවුරුවත් කියන පලියට ගන්න ලැප්ටෝප් එක අරන් සතියෙන් දෙකෙන් විනාස වෙනවා බලනවට වඩා ඉතා හොඳ වර්ගයේ අතට සාක්කුවට ලාබදායි තමන්ගේ වැඩට හොඳට ගැළපෙන ලැපටොප් එකක් ගන්න එක අපි හැමෝටම හිතට හොඳයි. ඉතින් මෙන්න මේ කියන කාරණා එක්ක බලද්දි අපි හොයලා බලන්න ඕනි දෙයක් තමයි ලැප්ටොප් එකේ තත්වය, තාක්ෂණික පසුබිම, වටිනාකම සහ තේරීම සහ අනෙකුත් පහසුකම් ගැන විමසිලිමත් වෙන එක. ඒක නිසා අපි හිතුවා ඔයාලට මේ අවුරුද්දේ ඒ කියන්නේ 2015 හොඳම සහ ගුණාත්මක බවින් අඩු Best & Worst Laptop Brands ලැප්ටොප් පිළිබඳව සාරාංශයක් අරගෙන එන්න.





    මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් 2015 අවුරුද්දේ හොඳම රෑන්ක් අතර තියෙන ලැප්ටොප් වර්ග මොනවද කියලා. ඒවගේම Reviews, Tech support, Design, Keyboard, Touchpad, Display, Innovation, Audio, Value and selection, Software, Overall Score යන මේ එක් එක් කාරණා ඔයාලට දැනගන්න පුලුවන්.


    ඒ වගේම 2011 වර්ෂයේ සිට 2015 දක්වා ලැප්ටොප් වල Rank මෙම සටහනින් බලාගන්න පුලුවන්.


    මේ විදියට සලකලා බලද්දි පේන්න තියන දෙයක් තමයි ඇපල්, ඩෙල්, HP කියන බ්‍රෑන්ඩ් පළමුවැනි ස්ථාන තුන ඇතුළත ඇති ආකාරය. ඒ වගේම ලෙනෝවෝ වැනි 2014 ඉහළින්ම තිබුණ ලැප් වර්ග 6 වෙනි තැන දක්වා පහළ බැස ඇති ආකාරයයි. ඒ වගේම DEll වර්ගය මේ වසරේ ඉහළ අගයකින් වාර්තා වීම සලකා බැලිය යුතු කාරණාවක්. 

     

    1St Place- Apple







    අවිවාදයෙන්ම ලොකු කුඩා සැමගේම තේරීම ඇපල් ලැප්ටොප් නොකඩවා වසර 6ක සිට පළමුවන තැන හිමිකරගෙන තියෙන්නේ ලැප්ටොප් ලෝකයේ රජු ලෙස කිරුළු දරමින්. Laptop reviews අතරින් පළමු වන ස්ථානය හිමිකරගෙන තියනවා. ඒ වගේම Tech Support එක, brand's keyboards and touchpads, audio quality එක. මෙවැනි ගුණාංග වල ඉහළ ගුණාත්මක බාවය මෙම ලැප්ටොප් වර්ගය NO 01 ranking වල ඉන්න හේතුවයි.


    2Nd Place- Dell







    දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ Dell laptop බ්‍රෑන්ඩ් එකයි. මෙය 2014 වර්ෂයේ සිට ඉහළ යන Rank එකක් සහිත වීම විශේෂත්වයක් ලෙස හඳුනා ගන්න පුලුවන්. Dell සමාගම ategories of innovation, value and selection එක අතින් ඉදිරියෙන් සිටින අතර ඒවගේම තාක්ෂණය අතින් ද Dell laptop ඉදිරියෙන් සිටින බව හදුනා ගන්න පුලුවන්. ඒ හේතුවම එය මෙම වසරේ 02වන ස්ථානය දක්වා පැමිණීමට හැකියාව ලැබී ඇති බව හදුනා ගන්න පුලුවන්.


    3Rd Place- HP








    තුන්වෙනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ HP සමාගමයි. මේ වසරේ මෙය තුන්වෙනි තැනට පත්වීමට බලපාන ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විශාල පාරිභෝගික පිරිසක් සහ දැඩි ආකර්ෂණයක් මෙම පරිඝණක සතුව පැවතීමයි. styles and configurations එක අතින් ඉදිරියෙන් සිටීම ඊට ප්‍රධාන හේතුව වී ඇත. ඒ වගේම මෙහි quality of the technical support එක ඉතාම හොඳ අගයක ඇති ලැප්ටොප් වර්ගයකි.

    ඉතින් ඔයාලා හැමෝටම මේ සාරංශය අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විස්වාස කරනවා. ඒ වගේම ලැප් එකක් මිලදී ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන ළඟදීම ලිපියකින් විස්තර අරගෙන එන්නම්. ඔයාලගෙ අදහස් පහළින් දක්වලා යන්න.
    ategories of innovation, value and selection
    1st Place: Apple
    1st Place: Apple
    1st Place: Apple

    මෙන්න අලුත්ම Google Chrome 48.0.2564.41 Beta එක ඩවුන්ලෝඩ් කරගන්න.

    මෙන්න අලුත්ම Google Chrome එක ඩවුන්ලෝඩ් කරගන්න.

     මෙන්න Google Chrome Beta එක ඩවුන්ලෝඩ් කරගන්න. Speed,
    Clean,  simple UI, Privacy, Security, Customization වැනි අපිට අත්‍යවශ්‍ය කාරනා මේ අලුත් සංස්කරණය තුළ නොඅඩුව ලබාගන්න හැකියාව ලැබෙනවා.



    මෙන්න ලින්ක් එක.

    download google chrome  


     

    200 Merry Christmas Wishes නත්තලට සුබ පතන්න මෙන්න අපෙන් සුබ පැතුම් පණිවුඩ.

    200 Merry Christmas Wishes නත්තලට සුබ පතන්න මෙන්න අපෙන් සුබ පැතුම් පණිවුඩ.





    දෙසැම්බර් මාසයේ නත්තලත් ළඟ ළඟ ම එනවා. ඉතින් අපි හිතුවා ඔයාලට ලස්සන නත්තල් සුබ පැතුම් ටිකක් අරන් එන්න ඕනි කියලා. මෙතන 200කට වැඩි සුබ පැතුම් අපි දාලා තියෙනවා. විවිධ මාතෘකා අදාල කරගනිමින් තමයි මෙම සුබ පැතුම් පණිවිඩ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලාට පුලුවන් අනිත් අයට මේ සුබ පැතුම් යවලා එයලව පුදුම කරන්න. මෙන්න ලින්ක් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. 9kb පමණයි.

    Icecream Image Resizer පින්තූර සයිස් එක හදාගන්න.

    Icecream Image Resizer පින්තූර සයිස් එක හදාගන්න.


    ඔයාලට මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඉමේජ් ෆයිල් එකක Size එක Resize කරගන්න පුලුවන්. මෙන්න මේ වගේ jpeg, png, bmp, tiff. ෆෝමැට් වලට අවශ්‍ය Image File මේකට Support කරනවා. ඒවගේම Resalution එක, උස, පළල, වගේම ෆොටෝස් කීපයක්ම අවශ්‍ය පරිදි Edit කරලා වෙනස් කරගන්න පුලුවන්.



      

    Icecream Screen Recorder ස්ක්‍රීන් රෙකොර්ඩින්.

     
    Icecream Screen Recorder ස්ක්‍රීන් රෙකොර්ඩින්.


    මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට පහසුවෙන් ස්ක්‍රීන් ෂොට්ස්, ස්ක්‍රින් රෙකෝඩින් වගේ වැඩ කරගන්න මේ තරම් හොඳ තත්වයේ Free දෙන සොෆ්ට්වෙයා එකක් තවත් නැතුව ඇති. ඒ වගේම ඔයාලා YouTube චැනල් එකක් කරනවනම්, ඔයාලගේ වීඩියෝ නිර්මාණ කටයුතු පහසුවෙන් වගේම ඉක්මනින් සුපිරියටම කරගැනීමේ හැකියාව මේ මගින් ලැබෙනවා. ඒවගේම මේකෙන් ඔයාලට ඕඩියෝ සවුන්ඩ් එකක් නැතුව හෝ ඇතුව වීඩියෝ ෆයිල් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. desktop එකේ ඇති Icon එක්කෝ shown කරලා  හරි hidden කරලා හරි වැඩ කරගන්න පුලුවන්. ඒවගේම ඔයාට වීඩියෝ කරන්න ඕනි Screan Size එක තීරණය කරගන්නත් පුලුවන්. විශේෂයෙන්ම ඔයාලා Video Tutorial එකක් හදනවනම් graphic elements යොදාගෙන එය වඩා විස්තරාත්මකව නිර්මාණය කරගන්න පුලුවන්. මෙන්න බලන්න වැඩ ටිකක්.


     




     

    මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

    download icecream screen recorder 

    Ashampoo Burning Studio DVD රයිට් කරන්න නියම සොෆ්ට්වෙයා එකක් මෙන්න.

    Ashampoo Burning Studio DVD රයිට් කරන්න නියම සොෆ්ට්වෙයා එකක් මෙන්න.

     

    මෙන්න ඔයාලට CD, DVD රයිට් කරගන්න නියම සොෆ්ට්වෙයා එකක් අරගෙන ආවා. සෑම වර්ගයකම ඩේටා Burn කිරීමේ හැකියාව මේ සොෆ්ට්වෙයා එක සතුව පවතින හැකියාවක්. ඒවගේම මේ සොෆ්ට්වෙයා එකෙන් බැකප් ඩේටා, රිප් මියුසික් වගේම ඕඩියෝ සීඩී නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔයාලට Blueray තැටි නිර්මාණය කරගැනීමේ හැකියාව ද මේ මගින් ලබාගන්න පුලුවන්.මේ ෆොෆ්ට්වෙයා එකෙන් ඔයාලට මේ කියන සෑම දේම ඉතාම පහසුවෙන් කරගන්න පුලුවන්.

  • Burn data to CDs, DVDs and Blu-ray discs.
  • Create data discs with optional auto-start feature.
  • Update existing discs (multi-session).
  • Backup files across several CDs, DVDs or Blu-ray discs.
  • Create audio CDs and MP3/WMA discs.
  • Rip audio CDs to multiple formats.
  • Create HD and Full HD video discs.
  • Duplicate CDs, DVDs and Blu-ray discs.
  • Create and burn disc images.
  • Design and print covers and booklets.     
  •  මෙන්න බලන්න වැඩ ටිකක්.



     මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

     download ashampoo burning studio

    10 Best Latest Upcoming Smartphones 2016

    10 Best Latest Upcoming Smartphones 2016

    අද අපි ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ 2016 අවුරුද්දේ එන්න තියෙන හොඳම ස්මාර්ට් ෆෝන් 10යි.


    10. Samsung Galaxy S6 Mini.

    10 වෙනි ස්ථානයට තියෙන්නේ සැම්සුන් කම්පැනි එකෙන් නිකුත් කරනු ලබන Samsung Galaxy S6 Mini දුරකතනයයි. ලබන ජනවාරි මාසයේ පමණ මෙය නිකුත් කිරීමට නියමිත බව සැම්සුන් සමාගම පවසයි. මේ ස්මාර්ට් ෆෝන් එකේ 4.7in full-HD screen එකක්, 1280 x 768 resolution, slower-timed Qualcomm Snapdragon 810 processor එකක්, 2GB Ram එකක්, 16mp Back කැමරාවක් වගේම 5mp ෆොන්ට් කැමරාවක් අඩංගු වන බවයි  සඳහන් වෙන්නෙ.







    9. Nokia C1 

    09 වෙනි ස්ථානය අරගෙන තියෙන්නේ nokia C1 කියන ස්මාර්ට් ෆෝන් එකයි. පළමු ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එක මෙය බවයි සැලකෙන්නේ. ඒවගේම මෙය Android 5.0 Lollipop මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වෙනවා. 5.0 හෝ 5.5 inches with FullHD resolution, 2GB RAM එකක් සහ 32GB of storage එකක්, 8MP back 5Mp නැතහොත් 13MP කැමරා අඩංගු වේ යයි බලාපොරොත්තුව විය හැකි බව සැලකෙනවා.





    8. Sony Xperia Z6
     08 වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ SONY XPERIA Z6 ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙම දුරකථනය සාමාන්‍යයෙන් ගත් විට වඩා වැඩි ගුණාත්මක බවෙන් යුක්ත වෙනවා. සෝනි සමාගමට පවතින මෙම ස්මාර්ට් ෆෝන් තරගයට මුහුණ දීමට නම් තව දුරටත් උත්සහ කළ යුතු බවයි භවිත කරන සැමගේ මතය වී ඇත්තේ. ඒ වගේම අලුත් විචල්‍යන්ගෙ පරිපූර්ණව එය පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුව වේ.

    1. Qualcomm 820 chipset or true Octa-Core chip 3GHz+ processor
    2. 4 or 5 GB RAM
    3. 5 inches of 4K resolution display
    4. 27MP rotator camera sensor
    5. Touch ID or fingerprint sensor and Also with a retina scanner
    6. 128GB on-board storage memory
    7. Waterproof, dustproof and also shockproof
    8. Fast charging battery which charge very soon
    9. sporting full 4K screen
    10. The new Type-C USB port         




    7. Microsoft Lumia 940 & 940 XL

    07 වෙනි තැනට තියෙන්නේ Microsoft Lumia 940 සහ 940 XL යන ස්මාර්ට් ෆෝන් දෙකයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් අඩංගු වීමයි. මේ ජංගම දුරකථනය නිකුත් වන තුරු බොහෝ පිරිසක් බලාගෙන සිටින බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. ඒ වගේම Iphone 6 එකට වඩා මෙහි මිල වැඩි බවද සඳහන් වේ. 


    • 1440 x 2560 pixel QHD screen
    • 5.7-inch show when measured
    • 940 XL  Octa-Core Snapdragon 810
    • 940 with Hexa-Core Snapdragon 808
    • Adreno 430 GPU
    • 3GB RAM
    • Windows 10
    • 20-megapixel Carl Zeiss back camera
    •  a 5MP front snapper        



    6. Apple iphone 7 

    බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවවක් තමයි මේ ඇපල් අයි දුරකතනයක් පාවිච්චි කරන එක. ඒක අපි ලොකු කුඩා හැමෝම පිළිගන්න මතයක්. ඒ වගේම අවුරුද්දේ ඇපල් සමාගමේ නව ස්මාර්ට් දුරකතනය නිකුත් වන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. Apple iphone 6 ඒකෙන් පසුව iphone 7 එක ගැන දැන් හැමෝම ඇස් ඇරගෙන ඉන්න බවක් පේන්න තියෙන්නෙ. ඒවගේම මේ ඇපල් උන්මාදය නොනවතින රැල්ලක් බව යලි යලිත් මෙයින් පසක් වෙනවා. ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, සිංගප්පූරුව, ප්‍රංශය ආදී රටවල් වල මෙය පළමුව නිකුත් වන බවයි සඳහන් වෙන්නෙ.

    The iPhone 7 will be packed with iOS 10
    Upgraded Apple A10 chipset processor
    Have an e-SIM traditionals SIM card will no more.
    iPhone 7 may with a sidewall display
    Reversible USB charger

     

    5. Oppo Find 9

    05 වන ස්ථානය මෙම ජංගම දුරකතනය හීමිකරගෙන ඇති අතර ලොව හොඳම ස්මාර්ට් ෆොන් 10 අතරට මෙය පැමිණෙන බව අන්තර්ජාල වාර්තා පවසයි. 2016 වර්ෂයේ දී මෙය නිකුත් වීමට නියමිත අතර එය ජංගම දුරකතන ලොවෙහි පෙරලිකාර දුරකතනයක් වන බව සඳහන් වෙනවා.

    1. RAM would be no less than 4GB
    2. 20-megapixel and 8-megapixel front
    3. 2560x1440p pixels resolution
    4. 64GB of inbuilt memory
    5. 5,5 inches size          
     




    4. OnePlus three (3) 

    04 වන ස්ථානය ලබාගෙන තියෙන්නේ මෙම OnePlus 3 කියන ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙහි විශේෂත්වය වන්නේ මින් පෙර පැවති version වලට වඩා මෙය ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත වීමයි. පෙර පැවති සංස්කරණයන් වල ඇති කැමරාව පිළිබඳව සෑහීමකට පත් වුනද මෙම නව සංස්කරණයෙන් ඊට වඩා වැඩි යමක් පාරිභෝගිකයන් අතට ලැබෙනු ඇතැයි විස්වාස කෙරේ. තවද මොවුන්ගේ තවත් සංස්කරණයන් මේ හා සමඟ නිකුත් කිරීමට ඉඩ ඇති බව සදහන් වේ. නමුත් සමාගම 3 genaration ප්‍රොසෙසර් එකක් භාවිත කිරීම සම්බන්ධ ඉගි මේ වන විට නිකුත් කර ඇත.

    • 5GB RAM
    • feature a 5.5-inch UHD display
    • 4400mah battery
    • Snapdragon 820 processor
    • 21-megapixel back and 13-megapixel front cam
    • and run on Oxygen OS with android M           
     




    3Xiaomi Mi 6
    03 වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ Xiaomi Mi 6 ස්මාර්ට් ජංගම දුරකතනයයි. මෙය පාරිභෝගිකයන් වැඩි වශයෙන් බලාපොරොත්තුවන නවතම ජංගම දුරකතනයයි. එයට හේතුව වන්නේ මෙය ඉතා මිලෙන් අඩු දුරකතන වීමයි. නමුත් මෙහි නව තාක්ෂණික පසුබිමක් බලාපොරොත්තු වන බව අන්තර්ජාලයේ සඳහන්ව ඇත. 

    1. Ultra HD 2160 x 3840 pixels Super AMOLED display
    2. Qualcomm Snapdragon 820
    3. with 4GB of powerful RAM
    4. may come with 5g network
    5. 4200mah battery
    6. 21-Megapixels back and 13-Megapixels front camera
     
      



    2. Samsung Galaxy S7

    සැම්සුන් ගැලැක්සි S7  ජංගම දුරකථනය එම සමාගමේ ජය කොඩිය බවට පත්වෙන බව අන්තර්ජාල වාර්තා වල සඳහන් වෙනවා. Samsung Galaxy S6 and S6 edge නිකුත් කිරීමෙන් අනතුරුව පාරිභෝගිකයින් බලාපොරොත්තුවෙන් සිටින්නේ මෙම නවතම සුපිරි අත්දැකීම විදගැනීමටයි. කොහොම වුනත් තවමත් මෙය නිකුත් කිරීමේ දිනයක් වාර්තා වී නැතත්, එය Mobile World Congress 2016 දී පෙබරවාරි මාසයේ හෝ මාර්තු මාසයේ මුල නිකුත් කිරීමට අපේක්ෂා කරනු ඇතැයි සඳහන් වේ. ඇමරිකාව, බ්‍රසීලය, සහ අනෙකුත් රටවල් ඇතුළුව ඉන්දියව යන රටවල් වලට මෙය නිකුත් කරනු ඇතැයි වාර්තා වල සඳහන් වේ. මෙහි ඇතුළත් වෙතැයි සැලකෙන නවතම උපාංගයන් මෙසේ දැක්වීමට පුලුවන.

    1. Samsung galaxy s7 will be packed with Android 6.0
    2. Quad-core 4.0 GHz 64 bit processor With 6 or 8 GB of RAM
    3. Samsung Galaxy S7 will have a 5g network
    4. ultra high super amoled display which is 4k, or 5k 5.5-inch.
    5. US: $1111 and in India: Rs 70,500
    6. Launched expected in march or April 2016
     
     
     
    1LG G5

    පළමුවන ස්ථානයේ පවතින්නේ LG G5 ස්මාර්ට් ජංගම දුරකතනයයි. මෙහි විශේෂතවය වන්නේ finger mark scanner විශේෂාංගය එකතු වී තිබීමයි. තවද මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙහි පවතින smart eye Scanner හැකියාවෙන් යුක්ත වී තිබීමයි. මෙහි ඇතුළත් වෙන විශේෂාංග පහතින් දක්වා ඇත.
    1. Full QHD display or UHD display
    2. 4 or 5 GB RAM
    3. Snapdragon 810 or on other Best upcoming Processor 
    4. 21 MP which can take 4k images
    5. With latest OS M