windows 10 auto update off free software - සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය

windows 10 auto update off free software  

සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය





                              Windows 10 OS එක පාවිච්චි කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ windows auto update වෙන එක. අමාරුවෙන් දාගත්ත ඩේට කාඩ් එක විනාඩියක් යන්නත් කලින් විනාස උනාම දැනෙන මෙව්ව එක නම් කියාගන්න බෑ නේද. ඒ වගේම සමහරුන්ගෙ wifi connection වල ඩේට කැපෙන විදිය හොයාගන්නත් බැරුව ඇති. මේක නිසා ගොඩක් දෙනා windows 10 අතහැරල දාල win 7 හෝ 8 තමයි පාවිච්චි කරන්නෙ. ඒත් මේකට විසදුම් බොහෝමයක් තියනව ගොඩක් අය මේක දන්නෙ නෑ. ඉතින් අද ඔයාලට කියල දෙන්න හදන්නෙ කොහොමද මේ auto update නවත්තන්නෙ එහෙමත් නැත්නම් auto update off කරන්නෙ කියල. 

                           ඉතින් මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් විදිය ගැන අපි video එකක් හැදුව පහලින් ගිහින් ඒක නරඹන්න පුලුවන්. ඒ වගේම අපිට දක්වන සහයෝගයක් වශයෙන් අපේ youtube channel එක subscribe කරල like කරල share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් අපේ බ්ලොග් සයිට් එකෙන් වගේම youtube channel එකෙනුත් ඔයාලට ගේන්නයි අපේ බලාපොරොත්තුව... හැමෝටම සුබ දවසක්...





Learning English in sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01

Learning English in sinhala 01 - ඉංග්‍රීසි භාෂාව ඉගෙනගමු 01 



ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. ඇත්තටම මේක ප්‍රශ්නයක් වෙන්න හේතු වෙන්න ඇත්තේ පොඩි කාලේ ඉදන්ම ඉංග්‍රීසි භාෂාව හරියට ඔලුවට වැටුනේ නැති නිසා වෙන්න ඇති. මම දැක්ක ගොඩක් සිංහල වෙබ් සයිට් වල ඉංග්‍රීසි භාෂාව උගන්වන පාඩම් මාලා දාල තියනව. එත් ඒ කිසිම එකක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න කියලවත් උනන්දු කරලා නෑ. ඉතින් Software Sinhalen 4u අපි හිතුව ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න හරි ක්‍රමයක් ඔයාලට කියල දෙන්න. පාඩමෙන් පාඩම සරලව  කෙනෙකුට තේරෙන විදියට අද ඉදන් Learning English in sinhala ලිපි මාලාවක් විදියට ඔයාලට අරගෙන එන්න.


      මමත් තාම ඉංග්‍රීසි භාෂාව හදාරන ශිෂ්‍යයෙක් ඉතින් මොකක් හරි වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න එක ලොකු උදව්වක් වේවි...

මුලින්ම අපි Tenses ගැන ඉගෙනගනිමු. ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් එහෙමත් නැත්නම් කාල චේදයන් 12 ක් තියනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න නම්, ලියන්න නම් මේ Tenses හොදින් ඉගෙනගන්න වෙනවා.

1. Simple Present Tense - සාමන්‍ය වර්තමාන ක්‍රියා
2. Simple Past Tense - සාමන්‍ය අතීත ක්‍රියා
3. Simple Future Tense - සාමාන්‍ය අනාගත ක්‍රියා
4. Present Continuous Tense - වර්තමාන තත්කාලීන ක්‍රියා
5. Past Continuous Tense - අතීත තත්කාලීන ක්‍රියා
6. Future Continuous Tense - අනාගත තත්කාලීන ක්‍රියා
7. Present Perfect Tense - වර්තමාන පුර්ණ ක්‍රියා
8. Past Perfect Tense - අතීත පුර්ණ ක්‍රියා
9. Future Perfect Tense - අනාගත පුර්ණ ක්‍රියා
10. Present Perfect Continuous Tense - වර්තමාන පුර්ණ තත්කාලීන ක්‍රියා
11. Past Perfect Continuous Tense - අතීත පුර්ණ තත්කාලීන ක්‍රියා
12. Future Perfect Continuous Tense - අනාගත පුර්ණ තත්කාලීන ක්‍රියා

                               Tenses ඉගෙනගන්න කලින් තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා. ඕනෑම දේකට මුලින්ම මුලික අඩිතාලම දාගෙන ඉන්න ඕනි. බලන්න පලවෙනි පාඩම පහලින්.

am ,is ,are - Verbs

                                       මුලින්ම අපි verbs ඉගෙනගම්මු මොකද වාක්‍යයක් හදන්න නම් මේ verbs ගැන දැනුමක් තියෙන්න ඕනි present tens වලදි අපි use කරන verb පහලින් බලන්න.

                        first person (උත්තම පුරුෂ)

                       *I (මම)                - am   (I'm)                                        
                     *We(අපි)              - are   (We're)

                        second person (මධ්‍යම පුරුෂ) 

                     *You(ඔබ/ඔබලා)  - are  (You're)

                        third person (ප්‍රථම පුරුෂ) 

                     *He(ඔහු)                - is    (He's)                            
                     *She(ඇය)              - is    (She's)
                     *It(ඌ/ඒක)            - is    (It's)
                     *They(ඔවුන්/ඒවා)  - are  ( They're)

අපි බලමු දැන් මේවා යොදාගෙන සරල වාක්‍ය නිර්මානය කරන්නෙ කොහොමද කියල.

         * I am a student.
         * My mother is at home.
         * Elephants are big animals.
         * You are a boy.
         * They are good girls.

 (බහු වචන යෙදෙන විට are යන්නද ඒක වචන යෙදෙන විට is යන්නද භාවිතා කෙරේ 
          examples:- Chilren are eat mangos.
                             Child is eat a mango. )

දැන් අපි බලමු නැත යන අර්ථය කොහොමද වාක්‍යයකට යොදන්නෙ කියල.


             * I am not         (i'm not)
             * You are not    (You aren't)
             * We are not     (We aren't)
             * He is not        (He isn't)
             * She is not       (She isn't)
             * It is not           (It isn't)
             * They are not   (They aren't)


* I am not a student.
* My mother is not at home.
* Elephants are not small animals.
* You are not a boy.
* They are not good girls.

 ඊලගට අපි බලමු වර්තමාන කාලයේ ප්‍රශ්න හදන්නෙ කොහොමද කියල.


             * Am I ?
             * Are You ?
             * Are We ?
             * Is He ?
             * Is She ?
             * Is It ?
             * Are They ?


* Is your mother at home ?
* Are they live in a village ?
* Am I stay here ?
* Are the students in library ? 
* Is mala in bed ?


        දැන් ඔයාලට යම් වැටහීමක් ඇති මේ දෙවල් කොහොමද යෙදෙන්නෙ කියල. ඒ වගේම වර්තමාන කාලයේ සරල වාක්‍ය නිර්මානය කරන හැටි ගැන යම් දැනුමක් ලැබෙන්න ඇති කියල මන් හිතනව. දැන් අපි මේ ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව කරන්න හදන්නෙ.

1. *Is your mother at home ?
    *Yes, My mother is at home.
    *No, My mother is not at home.

දැන් ඔයාල මේ උඩ තියනව වගේ වාක්‍ය හදන්න ඕනි. සාමාන්‍යයෙන් මේ වගේ වාක්‍ය 20 ක්වත් හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද මේවා ප්‍රායෝගිකව කරන තරමට ඔයාට මේව මතක හිටිනව.
ප්‍රායෝගිකව කරන්නේ නැතුව අපිට කවමදාවත් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බෑ. ඔයා වෙබ් සයිට් එකකට යයි පාඩමක් කියවයි නමුත් දවසක් දෙකක් යනකොට ඒ හැමදේම අමතක වෙලා යාවි. ඉති අපි ඉගෙනගත්තු දේවල් නැවත නැවත ප්‍රයෝගිකව ලියල හෝ නැත්නම් නැවත නැවත කියවල නිතරම භාවිතයේ තියනකොට තමයි මතක හිටින්නේ..

       මන් මේ Learning English in sinhala පාඩම් මාලාව කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇත්තටම මේ ප්‍රායෝගික පැත්ත ඔයාලට කියල දෙන එක මොකද එහෙම කරපු අය තමයි අද හොදට English කතා කරන්නෙ... ඉතින් අදට මෙච්චරයි හෙට ඊලග පාඩම අරගෙන එන්නම් share පාරක් දාල පොඩි සහයෝගයක් දෙන්න කලින් කිව්ව වගේ මොකක් හරි වැරදීමක් එහෙම දකිනවනම් comment එකක් විදියට දාන්න....

Chrome sinhala meaning, පහසුවෙන් ඉන්ග්ලිෂ් ඉගෙනගන්න Chrome එකටත් Dictionary එකක්

Chrome sinhala meaning, පහසුවෙන් ඉන්ග්ලිෂ්  ඉගෙනගන්න Chrome එකටත් Dictionary එකක්

හුග කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ  ආවෙ. හුග කාලයක් ගොඩක් busy වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න වෙලාවක් හොයාගන්න ගොඩක් අමාරුය් බ්ලොග් එකේ කරන්න හිටපු ගොඩක් දේවල් මගහැරිලා ගියා ඉතින් ඉස්සරහට software sinhalen 4u එක්ක කරන්න දේවල් ටිකක් plan කරගෙන යනව දිගටම software sinhalen 4u එක්ක රැදීල ඉන්න කියල මගේ යාලුවන්ට කියනව.
      අද මන් ඔයාලට අරගෙන ආවෙ ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න ආස අයට වගේම ඉන්ග්ලිෂ් දන්න නොදන්න ඕනම කෙනෙකුට වැදගත් වන App එකක්. සමහරු නම් මේක ගැන දන්නවත් ඇති නොදන්න අය පිරිසක් ඇතිනේ ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙය්  කියල මන් හිතනව. 

                       සාමාන්‍යයෙන් අපි ඉන්ටනෙට් එකේ Search කරන වෙලාවක අහුවෙන ඉංග්‍රීසි වචනෙක තේරුම දන්නේ නැත්නම් එක හොයාගන්න Dictionary එකක් භාවිතා කරනව මදුර හරි මලලසේකර හරි වගේ Dictionary එකක් පාවිච්චි කරලා තමය් අපි එකෙ තේරුම හොයාගන්නෙ නමුත් ඒක ටිකක් වෙලා යන වැඩක් මදුර එකේ නම් සමහර වචන වල තේරුම දෙන්නෙත් නෑ මලලසේකරේ හොයන එක කොහොමත් කාලෙ  කන වැඩක්නෙ සමහරු නම් කම්මැලිකමට වැඩේ අල්ලල  දාන අවස්ථාත් තියෙනව ඉතින් මේකට විසදුමක් කල්පනා කරපු අපේ ලංකාවේ කොල්ලෙක් හැදුව Google Chrome එකට Add On එකක් ඉංග්‍රීසි වචනයක් උඩට Mouse Pointer එක ගෙනියපුවහම ඒ ඉංගිසි වචනෙ තේරුම් ටික ලස්සනට උඩින් සිංහලෙන් පෙන්නනව ඉතින් ඉන්ග්ලිෂ් ආර්ටිකල් එකක් කියවන්න හරි ඔයා කරන මොන වැඩේදී උනත් ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් මේ Add On එක. ඕයා Use කරන්නේ Google Chrome නම් මේ ලින්ක් එකෙන් ( 1.07 MB ) ගිහින් නොමිලේම Add On එක Download කරගන්න.





            ඔයා තවමත් Google Chrome Install කරගෙන නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න 


ඉතින් අදට මෙච්චරය් අලුත් පෝස්ට්  එකකින් අලුත් දෙයක් එක්ක ඉක්මනින්ම ඔයාලව හම්බවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්...

Japanese Lessons 02 ජපන් සංස්කෘතිය.

ජපන් සංස්කෘතිය.

 

 

සකුරා මල්.

සකුරා යනු ජපානය නියෝජනය කරන ප්‍රධානතම මල් වර්ගය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙරට වැසියන් පමණක් නොව විදේශිකයින් පවා ජපානය හැදින්වීමට "සකුරා රට, සකුරා මල් පිපෙන රට නම් භවිත කිරීමෙන් පවා එය පැහැදිලි වේ. 

 

                                         "ඩයිකොට්ලීඩන්" හෙවත් පියළි සහිත බීජ වලින් හටගන්නා ශාක කුලයට අයත් වන සකුරා ශාකය, ඒ කුලයටම අයත් වන උමෝ, මෙමෝ (පීච්) වැනි ශාක අතුරින් කැපී පෙනෙන්නේ එහි ඇති විශේෂ සුන්දරත්වය නිසාය.වසන්ත කාලයේ උදාවත් සමඟම ජපානයේ සෑම ප්‍රදේශයකම පාහේ විකසිත වන සකුරා මල්, ජපන් ජාතිකයින් අමන්දානන්දයට පත් කරන්නකි.

                                                                                                            සකුරා මල් ප්‍රභේද කීපයකී. ඒ අතරින් යමද් සකුරා, සොමෙයිෂිනොද් සකුරා, සතෝද් සකුරා, හිගන් සකුරා, කසුම්ද් සකුරා සහ ඔශිමද් සකුරා යනාදිය ප්‍රධාන වේ. අතීතයේ සිටම ජපානයේ කඳු සහ තැනිතලා ප්‍රදේශවල ස්වභාවිකවම හටගත් සකුරා ශාකද දකින්නට ලැබුනද, ප්‍රභේද සුළු ගණනකට සීමා විය. නමුත් වර්තමානයේ වන විට නවීන තාක්ෂණය  යටතේ නිපදවන ලදුව ප්‍රභේද 360කට අධික 300කට නොඅඩු සංඛ්‍යාවක් දක්නට ලැබේ.

                                                                                                                              සමාන්‍යයෙන් සුදු හෝ රෝස පැහැය ගන්නා සකුරා මල පෙති 5කින් යුක්ත වේ. එසේ වුවද යමද් සකුරා නම් සකුරා වර්ගය තද රෝස පැහැයකින් යුක්ත වන අතර පොකුරු සකුරා වර්ගයකි. සකුරා ප්‍රභේද එහි පාට, හැඩය හා මලෙහි පෙති ගණන අනුව වර්ග කළ හැකි අතර අද ජපානයේ නවීන තාක්ෂණයෙන් නිපදවන සකුරා මල් උද්‍යාන පවතින අතර මේවා "සකුරා සෙන්ද්සෙන" නම් වේ.

 

                                                      ජපානයේ සීත කාලය අවසන් වී පරිසරය උණුසුම් වීමත් සමඟම පිපෙන සකුරා මලේ පෙති සම්පූර්ණයෙන් ම දිග හැරෙන දිනය ප්‍රදේශයේන් ප්‍රදේශයට වෙනස් වේ. ජපානය යනු උතුරේ සිට දකුණට විහිදෙන දූපත් සමූහයක් බැවින් රටෙහි උතුරු කෙළවර හා දකුණු කෙළවර අතර උෂ්ණත්ව පරතරය සෙල්සියස් අංශක 20ක් පමණ වීම මෙයට ප්‍රධාන හේතුවයි.එබැවින් උතුරු ප්‍රදේශ වල සකුරා පිපීම බොහෝ සෙයින් ප්‍රමාද වේ. 

ජපානයේ දකුණු කෙළවරේ පිහිටි ඔකිනාවා දූපතේ සකුරා මල් පිපීම ජනවාරි මාසයේ මුල් භාගයේ දී පමණ ආරම්භ වේ. ඉන්පසුව පිළිවෙලින් මාර්තු අග වන විට කියුෂු දකුණු දිග ප්‍රදේශයේ ද අප්‍රේල් මස මුල් භාගයේ ටෝකියෝවේ ද, සකුරා මල් පිපීම ආරම්භ වේ.ජපානයේ ඉහළින්ම පිහිටි හොක්කයිදෝ දූපතට සකුරා වසන්තය උදා වන්නේ මැයි මාසයේ පමණය.

Internet money sinhalen - අන්තර්ජාලයෙන් මුදල් හොයන්න 01

Internet money sinhalen - අන්තර්ජාලයෙන් මුදල් හොයන්න 01


 අලුත් දෙයක් එක්ක මම අද ඔයාලව හම්බවෙන්න ආවෙ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තියන වගේම ගොඩාක් අය නොදන්න මේ internet money ගැන කියල දෙන්න 
Share Up To 110 % - 10% Affiliate Program
                               ඇත්තටම ගොඩක් අය හිතනව මේක කරන්න බැරි වැඩක් කියල ඒත් මමනම් හිතන්නෙ සල්ලි හොයන්න දියුනු වෙන්න මේ තරම් ලේසි වැඩක් තවත් නෑ කියල මොකද අන්තර්ජාලය කියන්නෙ දෙවියෙක් හැමදේකටම උත්තර තියෙන තැනක් තමයි මෙතන ගෙදර ඉදන් හරි ඔයාල වැඩ කරන තැන ඉදන් හරි නිකන් ඉන්න වෙලාව ප්‍රයෝජනයට අරගෙන මේ වැඩේ කලොත් ඒක කවමදාවත් නාස්තියක් වෙන්නෙ නෑ. මේක කියවන ඔයාට හිතෙයි මේ පිලිබදව ඔයා මුකුත්ම දන්නෙ නෑ කියල ඒ වගේම ගොඩක් අය කියයි මේක බොරු වැඩක් කියල මොකද එයාල ඔයා තරම්වත් මේක ගැන දන්නෙ නෑ ඉතින් ඔයා මේ දැන් ඉදල internet money ගැන හොයන්න මගේ blog එක වගේම තව සිංහල blog ගොඩක් තියනව මේ සම්බන්දව ඒ වගේම english වලින් ලියවෙච්ච blog දාස් ගානක් ඉන්ටෙර්නෙට් එකේ තියෙනව කවදාවත් හිතන්න එපා ඔයාට බෑ කියල හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඔයාට වෙලාවක් නැත්නම් වෙලාවක් හදාගන්න මේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු අය තමයි අද ගොඩක් සල්ලි හොයන්නෙ. 


                  ඉතින් තව වැල් වටාරම් ඕනි නෑ අපි වැඩේට බහිමු මුලින්ම කියන්න ඕනි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න එක ක්‍රමයක් නෙවෙයි තියෙන්නෙ ක්‍රම ගනනාවක්ම තියෙනව දවසින් දවස මේ ක්‍රම ඔක්කොම ඔයාලට කියල දෙන්න තමයි මගෙ බලාපොරොත්තුව.

01. PTC (Paid Per Click- ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම)
02.Google adsens (තමන්ගේ web හෝ blog site එකක adsens ad දැමීම මගින් මුදල් සෙවීම)
03.Freelance projects (වෙනත් web අඩවියක වැඩ කිරීම මගින් මුදල් සෙවීම)
04.Affiliate marketing (වෙනත් web අඩවියක භාන්ඩයක් හෝ සේවාවක් විකුනා කොමිස් මුදලක් සෙවීම)

Share Up To 110 % - 10% Affiliate Program
                  මීට අමතරව තවත් ක්‍රම ගොඩක් තියෙනව නමුත් මේ උඩින් තියන ක්‍රම ටික තමයි සාර්තකම ඒ වගේම දැනට ගොඩක් අය වැඩිපුරම  භාවිතා කරන්නෙ මේ උඩින් දාල තියෙන ක්‍රම තමයි. ඉතින් ඊලග පොස්ට් එකෙන් PTC (Paid Per Click- ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම) කරන්නෙ කොහොමද කියල ඔයාලට මන් කියල දෙන්නම්.


                          
Share Up To 110 % - 10% Affiliate Program

Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.


Laptop buying guide. හොදම laptop එකක් මිලදී ගන්න.

  
ඉතින් යාලුවනේ පොරොන්දු උන විදියටම laptop එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන ලිපියක් තමයි මම අද අරගෙන ආවෙ. ඔයාලගෙ වැඩ පහසුවෙන් ඉක්මනින් කරගන්න වගේම ඕනම තැනකට පහසුවෙන් ගෙනියන්න පුලුවන් උපකරනයක් තමයි laptop එක කියන්නෙ ඉතින් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි laptop එකක් මිලට ගන්නකොට හොද එකක් තෝරගන්නෙ කොහොමද කියන එක. මොකද ඔයාල නොදන්න ගොඩක් දේවල් මේ විෂයේ තියනව. 

                   මුලින්ම ඔයාල හිතන්න ඕනි මොකක් සදහාද ඔයා laptop එකක් ගන්නෙ කියල මොකද ඔයා graphic වැඩ කරන කෙනෙක් නම් computer games play කරන කෙනෙක් නම් ඔයාට හොද graphic card එකක් වගේම හොද තත්වයේ prossor එකකුත් ඕනි වෙනව ඒ වගේම ඔයා laptop එකක් ගන්න හදන්නෙ ඔයාගෙ අධ්‍යාපනික වැඩ වලට නම් ඒකට සාමාන්‍ය තත්වයේ එකක් හොදටම ප්‍රමානවත් 

ඉතින් මේ laptop කාන්ඩ කිහිපයකට බෙදෙනව ඔයාගෙ need එකට අනුව ඔයාට තීරනය කරන්න පුලුවන් මොකක්ද මට ගැලපෙනම වර්ගය කියල

01. Entry-level         

budget laptop නමින් හදුන්වන මෙම කාන්ඩයේ ලැප්ටොප් මිලෙන් අඩුය මේවායින් කල හැක්කේ සාමාන්‍ය වැඩ පමනකි (word processing, internet browsing වැනි දේ ) මේවා ලන්කාවේ මුදලින් ගතහොත්  50000කට අඩුවෙන් ලබාගත හැක. මේවායින් හොද තත්ත්වයේ game play කිරීමටවත් අන්තර්ජාලයේ පහසුවෙන් tab විශාල ප්‍රමානයක් open කරගෙන වැඩ කිරීමටවත් නොහැකිය. අඩු ram ධාරිතාවක් මෙන්ම අඩු prossor speed එකක් සතු මේ පරිගනක සාමාන්‍ය වැඩ සදහා අඩු මුදලකට පාරිභෝගිකයාට හදුන්වාදුන් ඒවා වේ.  


02.Chromebooks

       මේවා google ආයතනය විසින් වෙලදපලට නිකුත් කරනු ලැබූ එවා වේ. මෙම laptop අද බොහෝ laptop සමග තරග කිරීමට හැකි බව google ආයතනය පවසා සිටී. chrome මෙහෙයුම් පද්ධතියෙන් පන ලබන මෙම laptop නිර්මානය කර ඇත්තේ බොහෝ applications google cloud තුල වැඩ කරන ලෙසටය.අඩු ධාරිතාවක් සහිත hard drive එකක් මේ පරිගනක වලට හොදටම ප්‍රමානවත් වන්නේ ඒ නිසාය. මෙයින් පෙනෙන්නේ මෙම පරිගනක අන්තර්ජාල භාවිතා කරන්නන්ටම සැකසූ ඒවා බවය නමුත් මෑතකදී google සමාගම විසින් app නිර්මානකරුවන්ව දැනුවත් කර ඇත්තේ offline ක්‍රමයටද වැඩ කරන ලෙස app නිර්මානය කරන ලෙසය. කෙසේවෙතත් මන්දගාමී internet connection සහිත අයට මේ පරිගනක වලින් වැඩ කරගැනීමට අපහසු වන බව සදහන් වේ.





03.Ultrabook

  මෙම වර්ගයේ laptop intel සමාගම සතු වේ.මේවාට සාමාන්‍ය netbook වලට වඩා වැඩි යමක් එකතු කර intel core processor එක් කර වැඩිදියුනු කල ඒවා වේ. බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් ධාරිතාව වැඩි දෘඪාංග භාවිතා කිරීම නිසා මේවා මිලෙන් අධික වේ.



04.The 2-in-1 Laptops


මෙම laptop
බැලූ බැල්මට සාමාන්‍ය laptop එකක් ලෙස පෙනුනත් tab එකක් ලෙසද භාවිතා කල හැකි සේ නිපදවා ඇත එම නිසා මේවා 2-in-1 Laptop හෝ Convertible laptop ලෙස හැදින්විය හැකිය. විශේෂත්වය වන්නේ key borad එකෙන් වෙන් වන ලෙස display එක ගැලවීමට මෙන්ම keyboard එක පිටුපසට නමා ටැබ් එකක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාවයි. කෙසේවෙතත් මෙම laptop නිර්මානය කිරීමට භාවිතා කර ඇත්තේ හොදම අමුද්‍රව්‍ය නොවේ



05.Gaming laptops

අධික මිලකින් යුක්තවන මෙම laptop නිර්මානය සදහා යොදාගෙන ඇත්තේ හොදම දෘඩාංගයි. ධාරිතාවයෙන් වැඩි graphic card එකක්  prossor එකක් මෙන්ම වැඩි ධාරිතාවයකින් යුත් ram card එකක් හා hard drive එකකින් මෙම laptop බලගැන්වේ. තිරය අනෙක් ලැප්ටොප් වලට වඩා තරමක් විශාල වන අතර ක්‍රීඩා කිරීම සදහාම නිර්මානය වුනු keyboard එකකින් මේවා සමන්විත වේ. නිරන්තරයෙන් වෙනස් වෙමින් පැමිනෙන මෙම laptop වල ඉල්ලුම වැඩිවාක් මෙන්ම මිලෙන්ද ඉහල යන්නේ ජවසම්පන්න බව වැඩි නිසාය.

System optimiz කරගන්න Eusing Cleaner.

+

System optimiz කරගන්න Eusing Cleaner.

 මේක ඔයාලට free ලබාදෙන පොඩි සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නේ ඔයාගේ පරිඝණකයේ ඇති අනවශ්‍ය ෆයිල් වර්ග අයින් කරන එකයි. ඔයාලට පුලුවන් Internet history එක අයින් කරගන්න. ඒවගේම cache, cookies, history, typed URLs, autocomplete memory, index.dat from browser, Window's temp folder, run history, search history, recycle bin,  recent documents වගේ ඔයාලට අනවශ්‍ය ෆයිල් මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඔයාලගේ පරිඝණකයේ වේගය කාර්යක්ෂමතාව වැඩි කරගන්නත් මේ සොෆ්ට්වෙයා එක හරහා පුලුවන්. තව සිස්ටම් එකේ තියන errors නැතිකරගන්නත් මේ පොඩි සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.

 

මෙන්න Technical පැත්ත.

Title: Eusing Cleaner 4.7
Filename: EFSCSetup.exe
File size: 1.48MB
Requirements: Windows (All Versions)
Languages: Multiple languages
License: Freeware
Date added: December 10, 2015
  

 
 
මෙන්න ලින්ක් එක.